ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “විශාල ලස්සන පනත” වශයෙන් හඳුන්වන පිටු 940 කින් යුත් “One Big Beautiful Bill Act” වියදම් පනත් කෙටුම්පත කොංග්‍රසය ද සම්මත කරන්නේ නම් තමා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් ප්‍රකශ කර තිබේ.

සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහනක් යොදමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණු අතර පනත් කෙටුම්පත සම්මත වුවහොත්, රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයට වඩා වෙනස් නොවන හෙයින් කොන්සර්වේටිව්වරුන් ඩොලර් වියදම් කිරීමේදී නාස්තිකාරයන වන බැවින් ප්‍රජාතන්ත්‍රවාදී රිපබ්ලිකන් ඒක පක්ෂයට විකල්පයක් අවශ්‍ය බැවින් මේ පිස්සු වියදම් පනත සම්මත වුවහොත්, ඊළඟ දවසේ ‘ඇමරිකානු පක්ෂය’ නමින් නව පක්ෂයක් පිහිටුවනු ඇති බවයි.

ට්‍රම්ප්ගේ ප්‍රධාන සහායකයෙකු සහ ප්‍රධාන ප්‍රචාරක පරිත්‍යාගශීලියෙකු වූ මස්ක්, පනත් කෙටුම්පත විවේචනය කිරීම සම්බන්ධයෙන් ජුනි මාසයේදී ජනාධිපතිවරයා සමඟ ප්‍රසිද්ධියේ අන්තර්ජාලය හරහා ආරවුලක් ඇති කර ගත අතර මේ වන විට ට්‍රම්ප් සමඟ හොඳ හිත පලුදු වී ඇත.

මෙම “One Big Beautiful Bill Act” වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් විසින් පසුගිය මස 29 වන දා සම්මත කළ අතර එය මේ වන විට කොංග්‍රසයෙද සම්මත වීමට වැඩි ඉඩක් ඇත.

මේ මොහොතේ සෙනෙට් සභාව සාකච්ඡා කරමින් සිටින පනතේ අනුවාදය, කොංග්‍රසයේ මණ්ඩල දෙකම සම්මත කළහොත්, 2025 සහ 2034 අතර කාලය තුළ ජාතික ණය ඩොලර් ට්‍රිලියන 3.3 කින් පුළුල් කරනු ඇත. වත්මන් එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 කට වඩා වැඩිය.

ඇමරිකානුවන්ගෙන් සියයට 80 ක් ප්‍රධාන පක්ෂ දෙක ගැන අසතුටින් සිටින බවත් නියෝජනය නොකරන බවත් මස්ක් විශ්වාස කරන අතර මස්ක්ගේ මෙම යෝජනාවට මිලියන 5.6 ක ජනතාවක් අතරින් 80.4% ‘ඔව්’යනුවෙන් අදහස් දක්වා ඇති අතර එය බොහෝ ඇමරිකානුවන් නව පක්ෂයක් පිහිටුවීමට කැමති බවට සාක්ෂි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...