කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

Date:

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව යාමේ උත්සහයක් පවතින බව වාර්තා වෙයි.

ඔහු සතුව ව්‍යාජ ගමන බලපත්‍ර දෙකක් ඇති බවත් රටින් පිටවීමට උත්සහ කරන්නේ එම ගමන් බලපත්‍ර යොදාගෙන බවටයි තොරතුරු වාර්තා වුණේ.

හිටපු නගරාධිපතිවරයාට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම, පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය ඇතුළු අපරාධ විමර්ශන ඒකක මගින් සිදුකරගෙන යන විමර්ශන හේතුවෙන් ඔහු එලෙස රටින් පිටවීමට සැලසුම් කරන බව සඳහන්.

කුරුණෑගල මහ නගර සභාව සතු කඩ කාමර වංචා සහගතව බදු දීමේ සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන නාලක දසනායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...