රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :
කොළඹ නගරයට නව පරිච්ඡේදයක් එක් ක්ස 2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
බොලිවුඩ් සිනමාවේ සම්මාන රැසකින් පිදුම් ලබා සිටින “කිං ඛාන්” ලෙස ජනාදරයට පත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්ප්‍රාප්තිය මෙම අති උත්කර්ෂවත් විවෘත කිරීමේ උත්සවයට තවත් සුවිශේෂීත්වයක් එක් කරනු නිසැකය. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අතර හවුල්කාරීත්වයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණයයි.
2025 වසරේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ආකර්ෂණීය උත්සවය වනු ඇතැයි අපේක්ෂා කරන මෙම අති උත්කර්ෂවත් විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයේ නව සන්නාම ව්‍යාපාරය වන “Let’s Go, Let Go” ද නිල වශයෙන් දියත් කිරීමට නියමිතය. තවද මෙය සුඛෝපභෝගී සහ විනෝදාස්වාදයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, නවීන පන්නයේ හෝටල් කාමර, විශේෂ විවේක හා සුවතා සේවා, සුපිරි සාප්පු සවාරි අත්දැකීම් ඇතුළු ව්‍යාපාරික උත්සව සහ සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් ආදී සුවිශේෂී අත්දැකීම් ලබා දෙනු ඇත.
City of Dreams Sri Lanka මෙල්කෝ රිසෝර්ට්ස් සහ එන්ටර්ටේන්මන්ට් විසින් කළමනාකරණය කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවකින් ද සමන්විත වේ. මීට අමතරව එය මෙල්කෝ හි සුඛෝපභෝගී Nüwa හෝටල් සන්නාමය හඳුන්වා දෙමින් කොළඹ නගරයේ වර්ධනය වන හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයට සුවිශේෂී වටිනාකමක් එක් කරනු නොඅනුමානයි.
