Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Date:

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් එහි නිර්මාතෘ, ලොව අංක එකේ කෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් මහතාට ස්තූතිය පිරිනමන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී පියවරක් වන අතර මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට තමන් නුදුරේදීම එලෝන් මස්ක් මහතාව නැවත හමුවීමට බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත්තේ සිය “X” ගිණුමේ සටහනක් තබමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...