දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

Date:

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඒ අනුව මීට පෙර බර මත අය කෙරුණු බදු මේ වනවිට HS කේතය මත අයකෙරෙන බවත් ආර්ථිකයේ සමබිමක් නිර්මාණය කිරීමට සහ අයුතු ලාබ ඉවත්කිරීමට මෙයින් හැකියාවක් ලැබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ මේ වනවිට අලි එක්ස්ප්‍රස් ඇතුළු මාර්ගගත ක්‍රමවේදයන් හරහා ශ්‍රී ලංකාවට ගෙන්වන භාණ්ඩවල ප්‍රවාහන ගාස්තු අධික ලෙස වැඩිකර තිබීම සහ පාර්සල් විශාල ප්‍රමාණයක් රේගුවේ සිරවී තිබීම හේතුවෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරමිනි.

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.

ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල.

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ ?

ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ.

මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)
මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු) .

දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ.

මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ. අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.

System Change ☺ කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.

ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා.

අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න.

~ චතුරංග අබේසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...