චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW:

ශ්‍රී ලංකාව ලකුණු 29 ට කඩුලු 3 ක් දැවී අසරණව සිටි මොහොතේ පිටියට පිවිසි නායක චරිත් අසලංක දියත් කළ විශිෂ්ඨ ඉණිම නිසා ශ්‍රී ලංකාවට බංගලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගය ලකුණු 77 න් ජය ගන්නට හැකි විය.පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙණ්ඩිස් යන පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගොස් සිටියදී,එම පීඩනය කණ්ඩායම මත වැටෙන්නට නොදී ප්‍රහාරාත්මක වූ කුසල් මෙණ්ඩිස් චරිත් අසලංක සමඟ එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවවක් පවත්වමින් පන්දු 43 දී ලකුණු 45 ක් ලබා ගන්නට සමත් විය.


ඉනික්බිති පිටියට පිවිසි ජනිත් ලියනගේ පන්දුව හොඳන් දකිමින් සිටි සිය නායකයාට වැඩි අවස්ථාවක් ලබා දෙමින් කඩුල්ල රැක ගෙන පස්වන කඩුල්ලට ලකුණු 64 ක සබඳතාවයක් ඇති කරන්නට සහය විය.ජනිත්ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 29 වටිනා එකක් වූයේ එම සබදතාවය නිසාය.ඉනික්බිති මිලාන් රත්නායක සහ වනිදු හසරංග ද ලකුණු 22 බැඟින් ලබා ගෙන අසලංකාට ශ්‍රී ලංකා ඉණිම ගොඩ නඟන්නට දායකත්වය ලබා දුන් අතර,ඔස්ට්‍රේලියාවට එරෙහිව අසලංකගේ සුපිරි ශතකයට දායක වූ සේ ම,අවසාන මොහොතේ ඒෂාන් මාලිංග අසලංක වෙනුවෙන් ඉවසිලිවන්ත ඉණිමක් දියත් කළේය.ඒෂාන් මාලිංග අවසාන ක්‍රීඩකයාව දුවද්දී දැවී ගියේ අවසාන ඕවරයේ දෙවන පන්දුවේදී පන්දු 10 ට ලකුණු 4 ක් එක් කරගෙන සිටියදී ය.ඊට එක ලකුණකට පෙර චරිත් අසලංක පන්දු 123 දී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ ලකුනු 106 ක් වූ සිය සුපිරි ඉණිම නිමා කර තිබිණ.


බංගලාදේශ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ප්‍රේමදාස පිටියේ සිය වේගය සමඟ මනා ඉපිළීමක් ද,දෝලනයක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් විය.ටෂ්කින් අහමඩ් ලකුණු 47 ට කඩුලු 4 ක් දවා ගත් අතර ටන්ෂින් හසන් සකීබ් ලකුණු 47 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ඉණිම ලකුණු 244 ට සීමා කරමින්ය.


වේග පන්දු යවන්නන් රැඟු තණතීරුව තුළ ශ්‍රී ලංකාව ආරම්භක පන්දු යවන්නෙකු ලෙස දඟ පන්දු යවන මහේෂ් තීක්ෂණ කැඳවිම යම් ප්‍රහෙළිකාවක් ඇති කළත් බංගලාදේශ ඉණිම ලකුණු 167 ට සීමා වූයේ ලාංකේය දග පන්දුවේ බලපෑමට යටත්වය.වනිදු හසරංගගේ බලපෑම දැඩිව එල්ල වූ අතර ඔහු ලකුණු 10 ට කඩුලු 4 ක් දවා ගනිමින් බංගලාදේශ බලාපොරොත්තු අළු කර දැමුවේය.පිත්තෙන් අසාර්ථක වූ කමිඳු මෙණ්ඩිස් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 19 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.


හ්‍රී ලංකාව පන්දුවෙන් එල්ල කළ දැඩි පීඩනයට ඔරොත්තු දෙන්නට සමත් වුණේ ටන්ෂින් හසන් (62) සහ අවසාන මොහොත වන තුරු පසුපෙළ ද රැකගෙන ලකුණු 52 ක් එක් කර අවසාන කඩුුල්ල ලෙස දැවී ගිය ජකීර් අලි පමණි.ඉණිමේ හොඳම සබඳතාවය වූවේ ටන්ෂින් හසන් සමඟ දෙවන කඩුල්ල වෙනුවෙන් නජ්මුල් හොසේන් සන්ටෝ (23) එක් කළ ලකුණු 71 ය.ජකීර් අලි කිසිඳු ලකුණක් එක් කර නොදැවී පන්දු 12 ට මුහුණ දුන් මුෂ්ටෆිෂර් රහ්මන්ව ද රැක ගෙන අවසාන කඩුල්ලට ලකුණු 42 ක් එක් කිරිමද අපූරු සබඳතාවයක් විය.
පහතින් තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකිය.
https://bit.ly/44dNrbR

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...