මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සමඟ මෙම කේරළ කංසා තොගය සොයා ගෙන ඇත්තේ ඊයේ (02) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ ඒකාබද්ධ සෝදිසි කිරීමකදීය.

එම සෝදිසි කිරීමේදී කේරළ කංසා කිලෝ ග්‍රැම් 900 ක් සොයා ගෙන ඇති අතර ඒ සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි දෙකක්,මැගසින් හතරක්, ජීව උණ්ඩ 40ක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ ජාවාරමට යොදාගත් මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලද විශ්වාසනීය බුද්ධි තොරතුරකට අනුව වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශය හරහා ගමන් ගත් කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී උක්ත භාණ්ඩ සහ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති එම සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවෙක් එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 44ත් 51 අතර වියේ පසුවන්නන් බවත් ඔවුන් අනුරාධපුර උලුක්කුලම,පොතානේගම සහ නොච්චියාගම ප්‍රදේශයවල පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...