ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ ජනතාව ඉතාමත් ප්‍රිය කරන ශ්‍රී ලංකා තේ, සිසිල් තේ පානයක් හෙවත් අයිස් තේ ලෙස හඳුන්වා දීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා Ceylon Ice Tea ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීය.

ජපානයේ මේ දිනවල පවතින උණුසුම් ගිම්හාන සමයේ දී දෙරටේ මිත්‍රත්වයේ ප්‍රබෝධමත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිලෝන් අයිස් තේ ප්‍රවර්ධන සංදර්ශනාත්මක ඉසව්ව සංවිධානය කළ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයය කරයි.

ශ්‍රී ලංකා අයිස් තේ ජපාන තේ පානීය සංස්කෘතික කලාපයන්ට හඳුන්වාදීමට ගත් මෙම මුලපිරීම අපගේ ජපාන තේ පානීය මිතුරන්ට ශ්‍රී ලාංකික උණුසුමේ රසයක් ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු යැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා එහි දී පැවසීය.

ජපාන තේ සංගමය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අද (03) සහ හෙට (04) දෙදින පුරා ටෝකියෝ නුවර චියෝඩා නගරයේ මෙම සිලෝන් අයිස් තේ ප්‍රවර්ධන උත්සවය පැවැත්වෙයි.

මෙම අයිස් තේ ප්‍රවර්ධන වැඩ සටහනින් ජපන් ශ්‍රී ලංකා සහෘද සාමූහිකයේ සිලෝන් තේ වල විචිත්‍රවත් රසයන් ඉස්මතු කරනවා පමණක් නොව, තේ උරුමය බෙදාගනිමින් එය අගය කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව පැමිණි ජපාන තේ රසිකයෝ පැවසූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...