හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW :

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා අද (03) පෙරවරුවේ ගම්පහ පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට මෙලෙස ඇප ලබාදීමට නියෝගය ලබා දී තිබුණි.