ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW:

ලොව අංක 100 කාන්තා කණ්ඩායම වන නේපාලය,ලොව අංක 159 ට සිටින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 8-0 ක ජයක් ලබන්නට සමත් විය.උස්බෙකිස්තානයේ පැවත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වෙමින් ශ්‍රී ලංකාව මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේය.මිට පෙර පැවති තරගයෙන් 10 – 0 ක් ලෙස උස්බෙකිස්තානය ඉදරියේ පරාජය වු ශ්‍රී ලංකාවට යළිත් හමුවන්නට ඇත්තේ 107 වන තැන සිටින ලාඕසය නිසා එම තරගයද ජය ගැනිම පහසු වන්නේ නැත.එම තරගය ජූලි 5 වන දා ය.


නේපාල තරගයේ පළමු අර්ධය නිමාවන විට ඔවුන් 4-0 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේ දී තවත් ගෝල 4 ක් ලබා ගන්නට සමත් විය.මේ ලංකාවේ කාන්තා පාපන්දු තබා තිබෙන තැන විසින් අත් කර දෙන ඉරණම විනා අලුත් තත්ත්වයක් නොවේය.එය ද පිරිමි පාපන්දුවේ ආකෘතියටම වෙනස් කිරිම ආරම්භ කළ යුතුව ඇත.


පාපන්දු පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයම ඉක්මණින් වැඩි වානිජමය වටිනාකමක් ඇති පොළවක් තනා ගැනිමට යොමු විය යුතුය.විදේශ ක්‍රීඩකයින් දැනටත් ඔවුන්ගේ ලාංකේය සම්භවය සමඟ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරමින් සිටින අතර කාන්තා ක්‍රීඩිකාවන්ද ඒ ආකාරයට සොයා ගත යුතුව ඇත.වඩාත්ම වැදගත් වන්නේ මේ ක්‍රීඩකයින් දේශිය කන්ඩායම්වලට හෝ දේශිය වශයෙන් නිර්මාණය කරන ව්‍යහුයකට ඇතුළත් කර දේහිය ක්‍රීඩකයින් වැඩි දෙනෙක්ට එම ක්‍රීඩකයින්ගේ අත්දැකීම් ගපා එන්නට සැළස්වීමය.
නැතිනම් දැනට පවතින විදේශිව සම්භවයක් ඇති ක්‍රීඩකයින්ගේ යැපීමේ ක්‍රමය නැවතුණ දාක තිබුණාටත් වඩා පහළ තැනකට පාපන්දුව වැටිමේ අවදානමද ක්‍රියාත්මකව පවතින බව තේරුම් ගත යුතුය.


ලාඕසය සමඟ පැවත්වෙන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මීට වඩා හොඳින් දස්කම් අතරට ඒමට ඉඩ ලැබෙනු ඇතැයි අපේක්ෂා සහගතව අපි බලා සිටිමු.ආරක්ෂක පෙළ මීට වඩා කල්පනාකාරි වීම සහ සැළසුම් සහගතව තමන් සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරගෙන ක්‍රිඩා කිරීම විශේෂයෙන් ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි ගෝල ප්‍රමාණය අඩු කරන්නට හේතු වනු ඇත.එහි අදහස පෙර තරගවලදී මෙන් ගෝල් කණ් අසළ ප්‍රතිවාදීන්ව ආවරණය කරන්නට අදහසක් නැතුව රොඳ බැඳ සිටීම නොවේය.තමන්ට හැකිය යන ආත්ම විශ්වාසය සමඟ තරග වැදීමය.ආරක්ෂාව තරමටම ආක්‍රමණය කළ හැකිය යන විශ්වාසය සහිතව ක්‍රීඩා කිරීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...