ඉන්ධන ලබාගත හැකි සීමා ඉහළ දමයි

Date:

පොදු ප්‍රවාහන සේවා, අත්‍යවශ්‍ය සේවා හැර සෙසු වාහන සඳහා පනවා තිබූ ඉන්ධන සීමා ඉහළ දමා තිබෙනවා. අද අළුයම සිට ඉන්ධන මිල ඉහළ දැමීම සළකා බලා මෙම සීමා වැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදි සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය රුපියල් 2000 සිට 2500 දක්වා ඉහළ දමා තිබේ. ත්‍රිරෝද රථ සඳහා මෙතෙක් රුපියල් 2000 ක් ලෙස පැවති සීමාව රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා ඇත.

අනෙකුත් වාහන සඳහා මෙතෙක් රුපියල් 8000 ක සීමාවක් දක්වා ඉන්ධන ලබාගත හැකිව තිබූ අතර එම සීමාව රුපියල් 10,000 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට සිදුවන හිරිහැර සළකා බලා හෝ ඉන්ධන තොග එක්රැස් කර තබා ගැනීමෙන් වැළකී සිටින්නැයි ඉල්ලා සිටින බවයි. එවැනි තොග රැස් කරන්නන් සහ වැඩි මිලට ඉන්ධන අලෙවි කරන්නන් සොයා දිගින් දිගටම වැටලීම් ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...