කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් එස්. එම්. චන්ද්‍රසේනට ලැබුණු තැන!

Date:

රෂිකා හෙන්නායක ජූලි 05, කොළඹ LNW :

ඊයේ පස්වරු 06ට පමණ බන්ධනාගාරයට රැගෙන ආ , රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ රැඳවූ බව වාර්තා වේ.

රිමාන්ඩ් කෙරෙන දේශපාලඥයින් සහ රජයේ සේවකයින් ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් රඳවනු ලබන්නේ එම වාට්ටුවේ බව සඳහන් වේ. මීට පෙර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දේශපාලඥයින් කිහිපදෙනෙකුම එම වාට්ටුවේ රඳවනු ලැබූ බව පැවසේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඔවුන් කිසිවෙකුට විශේෂ වරප්‍රසාද ලබා නොදුන් බවයි. මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාක්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඊයේ රාත්‍රියේ බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ පරික්‍ෂාවකට ලක් කිරීමට නියමිතව තිබුණි.

අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ, 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළ බවට වූ චෝදනාවකට අදාළවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?