කරන්නේ වැරැද්දක් කියල ලොග් සටහනක් හරි තියපු නිලධාරීන්ව අපි අත්අඩංගුවට අරන් නැහැ – රංග දිසානායක

Date:

කොළඹ LNW:වැරදි කරන මිනිසුන් සියලු දෙනා අල්ලා දඬුවම් දීමෙන් පමණක් වංචාව දුෂණය වැලැක්විය නොහැකි අතර ආකල්පමය වෙනසක් පැහැදිලිවම විය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසුවේය.

මෙරට ඇතැම් රාජ්‍ය ආයතනවල වැඩ කරවාගැනීම සඳහා ගෙවීම් සිදුකිර්ම අනිවාර්ය වී තිබෙන අතර ඒවා අල්ලස් බවට නොතේරෙන තත්ත්වයටම සාමාන්‍යකරණය වී තිබෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

කෙසේවෙතත් අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැති බවද ඔහු පැවසීය.

”මෑතකදී ඉදන් සමහර රජයේ නිලධාරීන් හිරේ යන මට්ටමට ඇවිත් තිබෙනවා. පහුගිය රජයන් විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණ කියල කියන්න පුළුවන්. ඒ කියන්නේ කැබිනට් ඩිසිෂන්ස් කියල කියන්න පුළුවන්. රාජ්‍ය සේවකයෝ හිතාගෙන ඉන්නවා නම් අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත්තහම ඕන එකක් කරන්න පුළුවන් කියල හැබැයි ඒ අමාත්‍ය මණ්ඩල තීරණ අරන් තියෙන්නෙත් කරප්ට් ඉන්ටෙන්ෂන් එකෙන් නම් ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඔබ දන්නවා බෙහෙත් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා හිටපු අමාත්‍යවරයාට විරුද්ධව. ඒ ඔක්කොටම කැබිනට් පේපර්ස් තියෙනවා. පොහොර සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. කාබනික පොහොර ගෙනල්ලා ඩොලර් මිලියන 6.9ක් ලංකාවට පාඩු වෙනවා. කැබිනට් පේපර්ස් තියෙනවා. මේක ඇතුලේ රජයේ සේවකයින් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් අපි කොහොමද තීරණ ගන්නේ අපිව අල්ලස් එකෙන් අල්ලන් යනවනේ කියල. ඔබට මට දෙන්න තියෙන්නේ ඉතාම සරළ උත්තරයක්. ඔබ සත්භාවයෙන් සිදුකරන කිසිම දෙයක් සම්බන්ධයෙන් මේක අදාළ වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි වෙනස් කරගත යුතු ලක්ෂණයක් තියනවා රජයේ සේවකයින්ට, ඒ තමයි දේශපාලනඥයෝ කියන දේ කරන්නේ නැති රාජ්‍ය සේවයක් හදාගන්න. එහෙම වුණෙත් නෑ එහෙම වෙයිද කියන්න අපි දන්නෙත් නෑ. කවුරුහරි කියුවොත් මට ඇමතිතුමා කියුවා ඒ නිසා මේක කළා කියලා ඔහු මේ වරදට වගකීම දැරිය යුතු නැහැ. ගොඩක් ඒවා කියල තියන්නේ වාචිකව. මොකද සමහර දේශපාලකයෝ රජයේ සේවකයින්ට වඩා ස්මාර්ට්. සමහර රාජ්‍ය සේවකයෝ ඉන්නවා, මට සමහර කරුණු කියන්න බැහැ. ඒවාට යම් පියවරක් අරගෙන තිබිච්ච.අඩුම ගානේ තමන්ගේ ලොග් පොතේ හරි මට මෙයා මෙහෙම කිව්වා කියල ලියල තියෙනවා. මම දන්නවා මේක වැරදියි කියලා නමුත් මට මේක කරන්න සිද්ධ වෙනවා කියලා ලොග් පොතේ හරි සටහන් තියලා තියෙනවා. ඒ නිසා මට දෙන්න තියන පණිවිඩය එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට අරන් නෑ.” යනුවෙන් රංග දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

රංග දිසානායක මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (04) කොළඹදී පැවති අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...