කසුන් රාජිතට 39 වන තැන

Date:

වසර 40 ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉණිමකදී කඩුලු පහක් දවාලු 38 වන ශ්‍රි ලංකා පන්දු යවන්නා වන්නට අද (මැයි 24) කසුන් රාජිත සමත් වුණා.ඔහු එම දක්ෂතාවය දැක් වූවේ බංගලාදේශයේ සිඳු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචාරයේදී බංගලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදීයි.එම තරගයේ පළමු ඉණිමේදී කසුන් රාජිත පන්දු ඕවර් 28.2 ක් යවමින් ලකුණු 64 ට කඩුලු 5 ක් දවා ගනිමින් ඉණිමකදී කඩුලු 5 ක් දවා ගැනීමේ සමූහයට ඇතුළත් වෙන්නට සමත් වුණා.

බංගලාදේශ ඉණිම ලකුණු 265 ට සීමා කරන්නට ප්‍රධානම හේතුව බවට පත් වූ කසුන් රාජිත පළමු ටෙස්ට තරගයට නම් කළ මුල් ක්‍රීඩකයින් 11 දෙනා අතර නොසිටියත්,විශ්ව ප්‍රනාන්දුගේ ආබාධිත තත්ත්වය නිසා කණ්ඩායමට පැමිණියා.එම තරගයේදීත් හොඳින් පන්දු යැවූ කසුන් රාජිත මෙම තරගයේදී බලාපොරොත්තු වූ දඟපන්දු යවන්නන්ගේ දක්ෂතාවයන් සැඟවී යද්දී තවත් වේග පන්දු යවන්නෙක් වූ අසිත ප්‍රනාන්දු (93/4) සමඟ බංගලාදේශය යම් පාලනයකට යටත් කරගන්න සමත් වුණා.

සිය 11 වන ටෙස්ට් තරගයට සහභාගි වන කසුන් රාජිත මේ වෙමින් සිටින නිමා කළ ටෙස්ට් ඉණිම 17 තුළ කඩුලු 34 ක් දවා ගෙන සිටින්නේ ප්‍රතිවාදීන්ට ලකුණු 1624 ක් ලබා දෙමින්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරද?

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

ලෝව ජීවත්වීමට සුදුසුම නගර ශ්‍රේණිගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ...

ඇන්ජි…

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස් නික්ම යයි.ඒත්...

කොළඹ නියෝජ්‍ය නගරාධිපතිකම ඡන්දයක් නොතියාම දුන්නේ ඇයි ?

කොළඹ නගර සභාවේ මංගල සභාවාරය ඊයේ (16) පැවැත්වුණු අතර...