සල්ලිත් නෑ සනීපත් නෑ, ට්‍රිලියනයකවත් රුපියල් අච්චු ගහන්න වෙනවා – අගමැති

Date:

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල වියදම් කපා හැරීමට සිදුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ නොමැතිව ආර්ථික අර්බුදයට මුහුණ දිය නොහැකි බවයි අගමැතිවරයා පවසන්නේ.

රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි සති 06 ක කාලය ඇතුළත අන්තර්වාර අයවැයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. ඉදිරි වසර 02 තුළ ජනතාවට සහන සැළසීමේ යෝජනා අන්තර්වාර අයවැයට ඇතුළත් වනු ඇති බවත්, යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට සිදුවන බවත් ඔහු පවසනවා.

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා.

ආහාර හිගයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මිතුරු රාජ්‍යන්හි උපකාර ලබා ගැනීමට සිදුවන බවත්, ලබන සතිය තුළදී චීන තානාපතිවරයා හමු වී චීන රජයේ උපකාර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. මේ නිසා අවම වශයෙන් රුපියල් ට්‍රිලියනයකවත් මුදල් අච්චු ගැසීමට සිදුවන බවත් ඒ හැර කිසිදු විකල්පයක් නොමැති බවත් ඔහු රොයිටර් පුවත් සේවය සමග පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...