ජෙෆ්රි එප්ස්ටයින් ගේ නැතිවුණු ලැයිස්තුව ගැන මස්ක් ට්‍රම්ප් ට ජෝක් කරයි!

Date:

සටහන – පුලී

ජූලි 08, කොළඹ (LNW): එක්සත් ජනපද රජයේ ලිංගික අපරාධකරුවෙකු බවට ප්‍රකාශයට පත් කළ ජෙෆ්රි එප්ස්ටයින් රහසිගත සේවාදායක ලැයිස්තුවක් තබා ගත් බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බව වාර්තා වෙයි.

ඔහු 2019 දී ෆෙඩරල් අත්අඩංගුවේ දී සියදිවි නසා ගැනීමෙන් මිය ගිය බව නැවත තහවුරු කර ගෙන ඇත.

පසුගිය වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටියදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපකීර්තියට පත් මූල්‍යකරුට අදාළ ලිපිගොනු නිකුත් කරන බවට පොරොන්දු විය.

නමුත් ජනවාරි මාසයේදී ඔහු නැවත බලයට පත් වූ දා සිට, ඔහුගේ ආධාරකරුවන්ගෙන් සමහරක් නඩුව හැසිරවීම සහ නව හෙළිදරව් කිරීම් ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇත.

අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) සහ FBI විසින් සඳුදා නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වූයේ ක්‍රමානුකූල සමාලෝචනයකින් කිසිදු වරදකාරී සේවාදායක ලැයිස්තුවක් අනාවරණය නොවූ බවයි.

ජෙෆ්රි එප්ස්ටයින් නඩුව හැසිරවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සමච්චලයට ලක් කරමින් සඳුදා (ජූලි 7) උදෑසන එලොන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හින්ට් එකක් ගසමින් ඔහුගේ X සමාජ වේදිකාවේ පෝස්ටුවක් ද පල කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...