අවදානමට පෙර සූදානම

Date:

ආහාර අර්බුදයක් පිළිබඳ පුරෝකථන ගණනාවක් පළ වී ඇත. මේ අතර ආණ්ඩුව එම අවදානම බරපතළ ලෙස ගනිමින් ඊට පෙර සූදානමක් ඇති කරන බව ද පෙනී යයි.

මේ සමඟ අපගේ සිහියට නැගෙන්නේ සහලින් ස්වයංපෝෂිතව තුන්වේල බත් කා පිටරටට සහල් නිර්යාත කළ රටක් ආහාර අර්බුදයකට මුහුණ දීමට බලපෑ හේතුව කුමක් ද? යන්නය. කෘෂිකර්මය සම්බන්ධයෙන් අතීතයේ සිට පැවැති රටාව වෙනස් වී ඇත. ඇතැම් පාලකයන් කාර්මිකකරණයට හා විවෘත වෙළෙඳපොළට වහල් වී වගාව නොසලකා හළ අතර තව පාලකයෝ කෘෂිකර්මය වෙනස් කිරීමට ගොස් පොට වරද්දා ගත්හ.

මේවා අප අතින් සිදුවූ වැරැදි බව නූතන පාලකයන් වටහාගෙන තිබේ. එය එක් අතකින් වාසනාවකි.වෙළෙඳපොළ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට මේ වන විටත් ආහාර අර්බුදයක් පවතින බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් ගිනි ගණන්ය. ඒ හැරුණු කොට වෙළෙන්දෝ තම සිතැඟි පරිදි සහල් මිල තීරණය කරති. පාන් ගෙඩියක මිල එක්වරම ඉහළ ගියේය. තිරිඟු පිටි, එළවළු, පලතුරු යන කොයි දේත් ගණන්ය. එක් අතකින් ආහාර නිෂ්පාදනය අඩු වී ඇත. තව අතකින් ප්‍රවාහනය හා බෙදා හැරීම අවුල්ය. තවත් අතකින් වෙළෙඳපොළ හැසිරීම අන්තිම නරකය. මේ සෑම දෙයකින්ම තැළෙන්නේ පොඩි වන්නේ අහිංසක දුප්පත් මිනිසාය. වකුගඩු රෝගියාට රජයෙන් දෙන ආධාරය පවුලේ කෑම බීම සඳහා වියදම් කිරීමට සිදු වී ඇත. රටේ පවත්නා ඇත්ත තත්ත්වය එයින් වටහා ගත හැකිය.

රටක ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම ආහාර සුරක්ෂිතතාව යන කාරණා සම්බන්ධයෙන් ස්ථාවර වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් වුව හොත් රටේ වගාවන් ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කර වෙයි. එය කෘෂිකර්මයේ පිරිහීමට හේතුවකි. සමහරුන්ගේ මතයට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ ආරම්භ කළ වගා සංග්‍රාමය දිගටම පැවතුණා නම් මේ වන විට අපේ රට ආහාර අතින් ස්වයංපෝෂිත රාජ්‍යයකි.

එදා දේශීය ගොවිතැනට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. ආහාර ආනයනය තහනම් කැරිණි. දේශීය ගොවියා පොහොසත් විය. යාපනයට ගිය මැතිනිය පිළිගැනීම සඳහා මිරිස් මාලයක් පැලැන්දූ බව අපි කවුරුත් දනිමු. වත්මන් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ අප නැවත වගා සංග්‍රාමයක් වෙත යා යුතු බවය. එය බුද්ධිමත් තීරණයක් බව පෙන්වා දිය යුතුය.වුවමනාවක් හා කැප වීමක් ඇතොත් අපේ ආහාර අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගත හැකිය. ආණ්ඩුව පමණක් නොව ජනතාව ද ඊට සූදානම් විය යුතුය. ආණ්ඩුව ජනතාවට උත්තේජකයක් දුන්නොත් අපේ ජනතාව අවදි වී වහලය මත පවා වගා කරන්නට පටන් ගන්නවා ඇත.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...