බූස්ස බන්ධනාගාරයට වැටුණු අමුතු මල්ලේ තිබූ දේ!

රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ LNW :

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට යමක් වැටෙන අයුරු මුර අට්ටාලයේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට නිරීක්ෂණය වීම හේතුවෙන් පසුව ඒ සම්බන්ධව බන්ධනාගාර නිළධාරීන් දැනුවත් කිරීමට ඔහු කටයුතු කර ඇත.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ, ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී විශේෂ අංශයේ වැටී තිබූ කළු පැහැති පාර්සලයක් සොයා ගත් බවයි.

එම පාර්සලයේ තිබී ජංගම දුරකථන 08ක් අත්අඩංගුවට ගත් බවද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය..

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, එලෙස සොයා ගත් ජංගම දුරකථන ඉදිරි විමර්ශන කටයුතු සදහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, බූස්ස බන්ධනාගාරය මගින් මූලික විමර්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...