හිටපු සෞඛ්‍ය ලේකම්ට ඇප – බිරිඳගේ ගිණුම් දෙකක් ගැනත් විමර්ශන

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇප මත මුදාහැරීමට අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අද එම නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය උක්ත නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කෙරුණි.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කරන ලදී.

මේ අතර සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව ද අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවෙන් සජබ හැළෙයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

රනිල් හිරේට ගියේ දවස් හතරකට.කුණු බඩු ඔක්කොම එකට එකතුවෙලා – වසන්ත මුදලිගේ

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ...

ශ්‍රී ලංකා බැඩිමින්ටන් පුහුණුකරුවන් පුහුණු කෙරේ

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන...