සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරත් කැළණියට !

Date:

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් සේවය කරන උදය කුමාර පෙරේරා මහතා ජුලි 10 වනදා සිට විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම පත්කිරීම සිදුකර ඇත.

එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා විශ්‍රාම ගැනීමට පෙර කරෙයිනගර්හි නාවික හමුදා අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අයෙකි.

ඔහු කැළණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය යන දෙකම හැදෑරූ අයකු වන අතර ඔහුගේ බිරිඳ ද කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් බවත් සඳහන්.

එසේම එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා නාවික හමුදාවේ සිටි සමයේදී පරිපාලන කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් නමක් දිනාගත් අයෙකු වන අතර සෘජුව වැඩකරන නිලධාරියකු ලෙස ද පිළිගැනීමට ලක්වූවෙක් බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...