සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරත් කැළණියට !

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් සේවය කරන උදය කුමාර පෙරේරා මහතා ජුලි 10 වනදා සිට විශ්‍රාම යාමට නියමිත හෙයින් මෙම පත්කිරීම සිදුකර ඇත.

එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා විශ්‍රාම ගැනීමට පෙර කරෙයිනගර්හි නාවික හමුදා අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අයෙකි.

ඔහු කැළණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය යන දෙකම හැදෑරූ අයකු වන අතර ඔහුගේ බිරිඳ ද කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් බවත් සඳහන්.

එසේම එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා නාවික හමුදාවේ සිටි සමයේදී පරිපාලන කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් නමක් දිනාගත් අයෙකු වන අතර සෘජුව වැඩකරන නිලධාරියකු ලෙස ද පිළිගැනීමට ලක්වූවෙක් බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...