ඩිජිටල් බද්ද ගැන ඉන්නේ දෙගිඩියාවෙන්ද? එහෙනම් මේක බලන්න!(VIDEO)

Date:

කොළඹ LNW: එළඹෙන ඔක්තෝමබර් 01 වැනිදා සිට අයකිරීමට නියමිත ඩිජිටල් බද්ද සම්බන්ධයෙන් සමාජය තුළ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කියවුණේ ඩිජිටල් සේවා වෙනුවෙන් ඔක්තෝබර් පළමුවැනිදා සිට 18%ක වැට් බද්දක් පනවා ඇති බවයි. එය ඩිජිටල් සේවා සපයන්නන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද අසතුට දනවන පුවතක් වූ අතර ඒ පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් අදහස් පළව තිබුණා. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම රජයේ පාර්ශවයෙන් කියවුණේ ඩිජිටල් සේවාවන් සඳහා වූ වැට් බද්ද අලුතින් ඇති කළ වැට් බද්දක් නොවන අතර දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ඩිජිටල් සේවාව සැපයීම සිදු කිරීමේදී සේවාව සැපයුවේ කවරෙක්ද යන කාරණය මත නොව, ඩිජිටල් සේවාව මත එම වැට් බද්ද පනවා තිබුණු බවයි.

පසුගිය අයවැයෙන් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණු බවත් ඊට අදාළ අධිකරණ කටයුතු පවා නිමා වී ඇති පසුබිමක අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු එය ඔක්තෝමබර් 01 වැනිදා දක්වා දීර්ඝ වී තිබෙන බවයි රජයේ පාර්ශවය නියෝජනය කරමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.

ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයෙක් වන ධනනාත් ප්‍රනාන්දු මහතාද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් කර තිබුණු අතර ඔහු පවසන්නේද එය අලුත් බද්දක් නොවන අතර පසුගිය අයවැය ඇතුළු අවස්ථා කිහිපයකදීම මේ ගැන සාකච්ජාවට ලක්ව ඇති බවයි. එමෙන්ම වසරකට මිලියන 60ක අලෙවියක් ඇත්නම් පමණක් මෙම බද්දට යටත් වන බවද ඔහු පෙන්වා දෙනවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...