ලන්ඩන් කවි වසරක කවි අස්වැන්න කෘතියක් ලෙස !

Date:

ලන්ඩනයේ සිට අන්තර්ජාලය හරහා මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය ‘ලන්ඩන් කවි’ නව වසරේ පළමු කලාපය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලන්ඩන් කවි, ප්‍රවීන කිවියර අනුර හෑගොඩ මහතාගේ සංස්කරණයකි.

ලන්ඩන් කවි ජනවාරි කලාපය ප්‍රවීන හා නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ 82 කින් සමන්විත වේ.

මේ අතර පසුගිය වසර පුරා ලන්ඩන් කවි අන්තර්ජාල කලාපයේ පළ වූ කාව්‍ය නිර්මාණ අතරින් තෝරාගත් කාව්‍ය නිර්මාණ 200 ක් ඇතුළත් කෘතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලන්ඩන් කවි සංස්කාරක අනුර හෑගොඩ මහතා පවසනවා.

සරසවි ප්‍රකාශනයක් ලෙස ජනවාරි අගදී මෙම කෘතිය කාව්‍ය රසිකයන් අතට පත් කිරීමට හැකිවනු ඇති බවද හෑගොඩ මහතා සඳහන් කරනවා.

පහත පළවන්නේ ලන්ඩන් කවි ජනවාරි කලාපයේ ඇතුළත් කාව්‍ය නිර්මාණයකි.

මහ ගෙදර බිඳ වැටී – කෝ ආනන්ද හිමි

ලොකු මල්ලිගේ හදිසි පණිවුඩේ සවන්වන් සැනිණි
මුළු හදම සැඩසුළං පහර වැදි ළදල්ලක් සේ සැලිණි
සනුහරයක්ම එළිය දුටු පින් කෙතක් වූ සිරිණි
පරිණාම පත් එගම හඳුනගන්නට තිබූ රූපය පැරණි
මහගෙදර නොකල්හි බිඳවැටී ඇතුල හා පිටත ගැටලු ද මැවුණි

එකල කවුරුත් ගමේ සිනහවැසි වස්සවා වැඩ පිරූ
ගහකොළ ද අත්ගුණෙන් සරුසාර වී සුවඳ දී මල් පල දැරූ
අගහිඟෙන් තුරන් වූ ස්වයං රැකියා සුරූ
අඬදබර නොහොඳ නෝක්කාඩු ඇල්මැරූ
කල්පනියි නිමාවෙයි එකතුවෙයි එසඳ අවුරුදු සරූ

කල් මැරී වියපත්ව දුර්වර්ණ පැහැගත්ත
බොල් වෙවී බිත්ති පුපුරා හැලී ඇතුල හා පිට පැත්ත
පිල් බෙදී අත් උදව් නැතිව අම්මාම පිළිණ කරගත්ත
මල්ලි අවසන්වරට මරණයෙන් බිලිගත්ත
මහගෙදර බිඳවැටී කනත්තකි දැන් අපේ මහවත්ත

අහුලා ගන්නට ඇවිත් මද්දුමය නොබිඳි දැවදඬු
උහුල ගන්නට බැරිව අම්මා දොස්පරොස් වචන මිරිකා දරදඬු
ලියල දීල ද ඕකෙ අයිතිය උඹට විතරක් අදෝනා අවනඩු
අහල පහළට ඇසී ගිනි නැඟේ පිලිස්සී ආරංචි කුණුරොඩු
ඉහළ අහසේ පියා සලමින් විදෙස් ගත වී දැනේ ඒ දුගඳ පිළිහුඩු

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...