කංචනගේ කැටේ – ඇමතිට යවන්න ජනතාව රුපියල බැගින් එකතු කරයි (Video)

0
2274

ඊයේ අළුයම සිට ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 400 ක් වේ.

මිල ඉහළ දැමීමෙන් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ තවදුරටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියලක පාඩුවක් දරමින් ඉන්ධන අලෙවි කරන බවයි.

අනුරාධපුර ජනතාව අද එම පාඩු ලබන රුපියල එකතු කිරීම සඳහා වැඩපිළිවෙලක් දියත් කර තිබිණි.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල කංචනගේ කැටේ නමින් නම්කළ විශේෂ කැටයක් තබා ඇති අතර ආණ්ඩුවට පාඩු සිදු කරමින් ඉන්ධන මිලදී ගැනීමට අකමැති ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන මිලදී ගන්නා අවස්ථාවේදී ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණයට සරිලන පරිදි රුපියල බැගින් අදාල කැටයට දමන ලෙසයි.

කැටය පිරුණු පසුව කංචන විජේසේකර අමාත්‍යරයා වෙත එම මුදල් යැවීමට කටයුතු කරන බව සංවිධායකයන් ප්‍රකාශ කළේය.

UN