X හි CEO වූ Linda Yaccarino ඇයගේ භූමිකාවෙන් ඉල්ලා අස් වෙයි!

Date:

සටහන – පුලී

ජූලි 10, කොළඹ (LNW): එලොන් මස්ක්ගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන X හි CEO වන Linda Yaccarino, ඇයගේ ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ සමුගැනීම X හි කැලඹිලි සහිත අවස්ථාවක සිදු වන අතර එයට හේතු වූයේ, AI චැට්බෝට් වන ග්‍රෝක් විසින් නිකුත් කරන ලද යුදෙව් විරෝධී සටහනකි.

නිදහස් භාෂණය ආරක්ෂා කිරීම, සමාගමේ වැඩි දියුණුව සහ සෑම දෙයකම ප්‍රධාන යෙදුම බවට පරිවර්තනය කිරීමේ වගකීම ඇයට භාර දීම සම්බන්ධයෙන් මස්ක්ට අතිශයින්ම කෘතඥ වන බව X හි සටහනක් දක්වමින් Yaccarino පැවසීය.

මස්ක් ඊට පිළිතුර වශයෙන්, “ඔබේ දායකත්වයට ස්තූතියි” යනුවෙන් දැක්වීය.

Yaccarino ගේ තීරණයට හේතු වූයේ කුමක්ද යන්න හෝ මස්ක් සහ ඇය අතර කිසියම් මත ගැටුමක් සිදුවී තිබේද යන්න පැහැදිලි නැති බවක් සඳහන් වේ.

ඇය මීට පෙර NBCUniversal හි වෙළඳ දැන්වීම් ප්‍රධානියා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...