ඊශ්‍රායලය විවේචනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥ ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්ට ට්‍රම්ප් සම්බාධක පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව කරන ලද යුද්ධයේදී කරන ලද අපයෝජනයන් පිළිබඳ ලේඛනගත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය එක්සත් ජාතීන්ගේ විශේෂඥ ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස්ට සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඊයේ(09)දිනයේදී මෙම දඬුවම ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් දේශපාලන හා ආර්ථික යුධ ව්‍යාපාරයක් දියත් කර ඇති බවයි.

ආහාර, ජලය සහ ඖෂධ ඇතුළු පලස්තීනුවන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වස්තූන් අහිමි කිරීම සම්බන්ධයෙන් නෙතන්යාහු සහ ගැලන්ට් හට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්ගතර අපරාධ අධිකරණය ( ICC )චෝදනා කර ඇති අතර ඊශ්‍රායලය සහ එහි ආධාරකරුවන් වසර ගණනාවක් තිස්සේ ඇල්බනීස්ට තරවටු කරමින් ඇයව එක්සත් ජාතීන්ගේ තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ.

වාඩිලාගෙන සිටින පලස්තීන භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ලෙස සේවය කරන ඇල්බනීස්, ඊශ්‍රායලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින ප්‍රමුඛ ගෝලීය හඬක් වී ඇත. ඇල්බනීස් විසින් එක්සත් ජනපදයේ සම්බාධක ප්‍රතික්ෂේප කර ඇති අතර මේ සමබන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඇය තම කාර්යය දිගටම කරගෙන යාම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...