සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක්!

0
212

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

මෙම වසරේ, ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන අතර, මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 120,446ක් බව සඳහන් කරයි.

පසුගිය 2024 වසරේ අගෝස්තු මාසයේදි සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇති අතර, ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි. දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.