ASI ප්‍රමිති සහතිකය හිමි කරගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම සහ දකුණු ආසියාවේ දෙවන සමාගම බවට Alumex පත්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC සමාගම ASI (Aluminum Stewardship Initiative) කාර්ය සාධන ප්‍රමිති සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්ව තිබේ.

මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ එකම සහ දකුණු ආසියාවේ දෙවන සමාගම බවට Alumex PLC පත් වේ.

මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ විශිෂ්ඨත්වය, පාරිසරික, සමාජීය සහ පාලන ( ESG ) පිළිවෙත් අනුගමනය කරන ඇලුමිනියම් නිෂ්පාදකයන් අතරට Alumex PLC ද එකතු වේ. මෙම සහතිකය ලැබූ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති එකම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම Alumex PLC වීමද විශේෂත්වයකි.

එසේම ජුනි 11 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම සහතිකය Alumex PLC වෙත ප්‍රදානය කර ඇති අතර එමඟින් Alumex PLC සමාගම ASI සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ඇලුමිනියම් නිෂ්පාදන නිපැයුම්කරුවා බවට පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.

වගකිවයුතු ඇලුමිනියම් සැපයුම් මූලාශ්‍ර, ( Responsible Sourcing ) නිෂ්පාදනය සහ ජීවන චක්‍ර කළමනාකරණය ( Life Cycle Assessment ) පෙන්නුම් කරන සමාගම් ASI කාර්ය සාධන ප්‍රමිතිය ( ASI- Performance Standards ) මඟින් හඳුනා ගනියි. අභ්‍යන්තර ප්‍රමිති නියාමනයක්, ASI – සහතික කළ ආයතනයක් මඟින් සිදු කරන ලද ස්වාධීන තෙවන පාර්ශවීය විගණනයක් සහ දැඩි ESG නිර්ණායකයන්ට අනුකූලව ක්‍රියාත්මක කල ඇගයීම් ක්‍රියාවලියකින් පසුව Alumex PLC වෙත මෙම සහතිකය ප්‍රදානය කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් Alumex PLC හි කළමණාකර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කලේය.

“ASI සහතිකය හිමි කර ගැනීම Alumex PLC වෙත මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයටද සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මෙම සහතිකරණය ලබාගැනීම තුලින් වගකීම්සහගත සහ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය කෙරෙහි අපගේ ඇති කැපවීම නැවතත් තහවුරු කරන අතර ජාත්‍යන්තර තලයේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇලුමෙක්ස් ආයතනය ගෝලීය තිරසාරත්ව සම්මතයන්ට ඇති අනුකූලත්වය තහවුරු කරයි”

Alumex PLC සමාගම මෙරට අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු හේලීස් සමූහයට අයත් සමාගමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...