යුක්‍රේන ජනාධිපතිගෙන් හෙලිදරව්වක්!

රෂිකා හෙන්නායක ජූලි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේනයට පේටි්‍රයට් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු යුධ අවි සැපයීම අමෙරිකාව විසින් නැවත ආරම්භ කර ඇති බව, යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙස පේටි්‍රයට් බැටරි හඳුන්වා ඇති බවයි වාර්තා වන අතර, විදෙස් මාධ්‍ය පැවසුවේ, කියෙව් වෙත ඇතැම් යුධ අවි බෙදා හැරීම නැවැත්වීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙලෙස යථාතත්වයට පත් කර ඇති බවයි.

නේටෝ සංවිධානය හරහා යුක්රේනයට පේටි්‍රයට් ගුවන් ආරක්ෂක පද්ධති යැවීම සඳහා අමෙරිකාව විසින් ගිවිසුමක් ඇති කර ගත් බව ද අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසා තිබේ. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි රුසියාවේ ගුවන් ප්‍රහාරවල වැඩිවීමක් සිදු වී ඇති බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

රුසියාව විසින් මේවන විට යුක්‍රේන නගරවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇති අතර එමගින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදුව තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...