සිඳු නොවිය යුුතු ආකාරයට ශ්‍රී ලංකාව පරාජය වෙයි

0
288

නිශ්මං රණසිංහ ජූලි 14, කොළඹ LNW:

ශ්‍රී ලංකාව දෙවන විස්සයි විස්ස තරගය පරාජයට පත් වුණා.සමහර විට පළමු තරගය ජය ගත් ආකාරය සහ එක්දින තරගාවලිය ජයගත් ආකාරය සිතන විට බංගලාදේශය පහසු ප්‍රතිවාදියෙක් ලෙස අවතක්සේරු කිරීම මේ පරාජයේ එක් හේතුවක් විදිහට දකින්නට පුළුවන්.ලිටන් දාස් නායකයා හැටියට තමන්ට පැවරුණු වගකීම මේ තරගයේදී හරියටම ඉටු කළා.ඒ සඳහා අතර මඟ වැටෙන්න තිබුණු තැන කුසල් මෙණ්ඩිස්ගේ අත් වැරද්දකින් ශ්‍රී ලංකාවට අවාසිදායක විදිහට සහ බංගලාදේශය වාසිදායක විදිහෙ අවසානයකට සමීප වුණා.


ලිටන් දාස් දියත් කළ සුපරි පිතිහරඹය අවසනායේ ඔහු දැවී යන විට පන්දු 50 දී ලකුණු 76 ක් වාර්තා වී තිබුණා.ඊට හයේ පහර 5 ක් සහ එක් හතරේ පහරක් එකතු වී තිබුණා.ඒ දත්ත සමඟ සැළකිල්ල දැක්විය යුතු හොඳම කාරණය හයේ පහර සහ හතරේ පහර ගැන විස්සයි විස්ස තරගයක ඇති කර ගන්න සිතුවිල්ල යම් ආකාරයකින් දාස් අතින් වෙනස් වි තිබෙනවා.ලකුණු 42 ක් ම ඔහු ලබා ගෙන තියෙන්නේ කඩුලු අතර දිවීමෙන්.ඒ ආකාරයට කඩුලු අතර වේගවත් දිවීම සහ නිලකුණු පන්දු අවම වීමත් වැදගත් සාක්ෂියක් සහ විස්සයි විස්ස තරගයක ජයග්‍රහණයට වැදගත් බව ඒ අනුව පැහැදිළිව ඔප්පු වෙනවා.


ශ්‍රී ලංකාව දාස් ගෙන් පසුව ඉහළම බලපෑම ඇති කළේ ශමීම් හොසේන්.ඔහු පන්දු 27 න් ලබා ගත් ලකුණු 48 බංගලාදේශ ඉණිම කඩුලු 7 ට ලකුණු 177 ක් දක්වා යන්න බල පෑ ප්‍රධානතම සාඡකය වුණා.ශමීම් මෙන්ම ජකීර් අලි ද දුවද්දි දවා ගැනීමට දායක වූ කුසල් මෙණ්ඩිස් ශමීම් ඉදිරියේ අනවශ්‍යය කම්මැලිකමක් ප්‍රදර්ශනය කරමින් කඩුලු අතර දිව යාමට ශමීම්ගේ දඬුවමට ලක් වීම මේ තරගයේ පරාජයේ ප්‍රධානතම හේතුව බවට පත් වුණා.


ලකුණු අතර සිටින හොඳින්ම පන්දුව දකිමින් සිටින මෙණ්ඩිස්,ඉතාම අලසකමෙන් ලකුණක් කරා දිව යාමට ගත් උත්සාහය බංගලාදේශ පන්දු රකින්නන්ව නොසළකා හැරීමක් වූ අතර ඊට ශමිම් ප්‍රතිචාර දැක් වූයේ පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කරමින්.එම දැවී යාම ශමීම්ට ගේරවය ලැබෙන සහ මෙණ්ඩිස් සිය වෘත්තීමයභාවයෙන් බැහැරව වැඩ කිරීමක් ලෙස දැකිය යුතුයි.පරාජය දෙසට තරගය හැරුණ මොහොත එයයි.
කෙසේ නමුත් බිනුර ප්‍රනාන්දු සිය තේරිමට සාධාරණය ඉටු කරමින් කඩුලු 3 ක් දවා ගත්තා.පිතිකරුවෙකු ලෙස සාර්ථක වන්නට නොහැකි වුණත් කුසල් ජනිත් පෙරේරා පන්දු රැකීමේදී අති විශීෂ් දස්කම් දක්වනු ලැබුවා.මේ කණ්ඩායමට අභ්‍යන්තරය විසින් තීරණය කරමින් ඇතුළත් කරන ලද අවිශ්ක ප්‍රනාන්දු යළිත් සිය තේරිම ගැන තේරූ අයට අසාධාරණයක් කරනු ලැබුවා.එසේම පිටතින් ඇති කළ බලපෑමක පලයක් හැටියට සමාජය විසින් කණ්ඩායමට තල්ලු කරන ලද චාමික කරුණාරත්න ද ඇති කරන ලද සමාජ බලපෑමට සාධාරණය ඉෂ්ඨ කරන්නට සමත් වුණේ නැහැ.කලකට පසුව කණ්ඩායමට පැමිණි දසුන් ශානක පළමු තරගයේදී පන්දුවෙන් ද,දෙවන තරගයේදී උදා වී තිබූ මොහොතෙන් ගොඩ එන්න යම් උත්සාහයක් පිත්තෙන් දරමින් ද තේරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඇති කරනු ලැබුවා.


නම් කර තිබෙන කණ්ඩායමට අනුව තෙවන තරගයේදී වෙනස් කමක් සිඳුවන්නේනම් ඒ අවිශ්ක වෙනුවට චන්දිමාල් කැඳවීමෙන් සිඳු විය හැකියි.ශ්‍රී ලංකාව පරාජය ලැබුවේ සියල්ලම ලකුණු 94 ට දැවී යාමෙන් වීම පිළිගත නොහැකි අන්දමේ පරාජයක්.ලකුණු 83 න් විස්සයි විස්ස තරගයක පරාජය වීම දුලබ තත්ත්වයක් වන අතර කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී සිය වගකීම් පැහැර හැර ඇති බව ප්‍රතිපලය හරහා තේරුම් ගැනීම වැදගත් වෙනවා.මේ දක්වා තරගාවලිය පුරාම කැපී පෙණුන ක්‍රීඩකයා වූ කුසල් මෙණ්ඩිස් එහිදි ලක් වූ ප්‍රශංසාත්මක පිළිගැනීම වගේම මේ තරගයේදී පරාජයේ ප්‍රධාන හේතුකාරකය වූ බව පිළිගත යුතු වෙනවා.දාස් ගේ ස්ට්ම්ප් කිරිම මඟ හැරීමෙන් ඔහුට තරගයේ වීරයා විය හැකි ඉණිමකට ඉඩ දුන් ලෙසම කුසල් ට එම අතපසුවීම මඟ හරවා ජයග්‍රහණයට පිවිසීමට සිය පිත්තෙන් කළ යුතුව තිබුණ වගකීම වගකීම් විරහිත කඩුලු අතර දිවීමෙන් අහිමි කර ගැනීම ගැන වගකීම භාරගත යුතු වන්නේ දැවන්නත පරාජයේ ප්‍රදාන හේතුව ද එය ලෙස භාර ගැනීමෙන්මයි.


පරාජය සිඳු නොවිය යුතු ආකරයේ පරාජයක් බව පිළිගෙන තෙවන තරගය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට සංවිධානය විය යුතුව තිබෙනවා.ඒ සඳහා කාලය කළමණාකරනය කර ගැනිමට ශක්තිය පතමින් තරගයේ ලකුනු පූවරුවට පහතින් පිවිසිය හැකියි. https://bit.ly/3IotgPN