උතුරු කොරියානු ජනාධිපති යුක්රේනයට එරෙහිව රුසියාවට කොන්දේසි විරහිතව සහය පල කරයි

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එරෙහි යුද්ධයේදී මොස්කව් ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට කොන්දේසි විරහිතව සහාය දීමට ප්යොංයැං සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නිවේදනය කර තිබේ.

උතුරු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ, රුසියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ දින තුනක සංචාරය දෙරට ඉහළ මට්ටමේ උපායමාර්ගික සාකච්ඡා පවත්වන අවස්තාවේදීය.

උතුරු කොරියාව මේ වන විට යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය සඳහා හමුදා සහ ආයුධ සපයා ඇති අතර මොස්කව් ගැටුමේ දියුණුවක් ලබා ගැනීමට උත්සාහ කරන විට වැඩි මිලිටරි සහයෝගයක් ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. රුසියානු හමුදාව සහ ජනතාව රටේ ගෞරවය සහ මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීමේ පූජනීය අරමුණ ඉටු කිරීමේදී නිසැකවම ජයග්‍රහණය ලබා ගන්නා බවට උතුරු කොරියානු නායකයා මෙහිදී ස්ථිර විශ්වාසයක් ද පළ කර ඇත.

මෙත් සමඟ මොස්කව් සහ ප්යොංයැං අතර සතියකට දෙවරක් ගුවන් ගමන් ආරම්භ කරන බව රුසියාවේ රාජ්‍ය පුවත් ඒජන්සිය TASS වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...