සොනාල් ගෙන් ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ශතකයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 14, කොළඹ LNW:

ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වන පළමු නිල නොවන සිව්දින තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා ඉණිම ලකුණු 272 ට සිමා කරන්නට ඹස්ට්‍රේලියානු ඒ පන්දු යවන්නන් කටයුතු කර තිබුණා.ශ්‍රී ලංකා ඉණිමට දැඩි පීඩනයක් ඇති කළ ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වන ශ්‍රී ලංකා පිතිකරුවන් අතර හුදෙකලා සටනක නිරත වුණු සොනාල් දිනූෂ ප්‍රමාණවත් තරම් සහයෝගයක් නොලැබ ඉණිම නිමා වන විට නොදැවී ලකුණු 105 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.
ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් ඉන් අනතුරුව වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය නුවනිඳු ප්‍රනාන්දුගේ පිත්තෙන් (34) වාර්තා වූ අතර නුවනිඳු නායක පසිඳු සූරියබණ්ඩාර (29) සමග ලකුණු 60 ක සබදතාවයක් ද එක් කරන්නට සමත් වුණා.විශ්වසනීය පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී පන්දුවට වැඩි හපන්කම් ඇති තුන් ඉරියව් හැකියා ඇති ඉසිත විජේසුන්දර (33) සොනාල් සමඟ එක්ව හත්වන කඩුල්ලට ලකුණු 77 ක සබඳතාවයක් පවත්වන්නට සමත් වෙනවා.


සොනාල් සෑම අතින්ම පරිනත ප්‍රහාරාත්මක බව ද යම් පමණකට මුසු වුණු ආරක්ෂාව පදනම් කර ගත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 148 දි මෙම ලකුණු 105 නොදැවී ලබා ගන්නට සමත් වුණා.හතරේ පහර 10 ක් සහ හයේ පහර එකක් ඇතුළත් වූ ඉණිමේ අවසාන භාගය සොනාල් ගත කළේ වැඩිපුර පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමින් අනෙක් අන්තයේ පිතිකරුවා පන්දුවට මුහුණ දී දැවී යාම වළක්වාගෙන ලකුණු පූවරුව ඉදිරියට ගෙන යාමේ උවමනාවට මුල් තැන දෙමින්ය.
ලකුණු පූවරුව – https://bit.ly/40PMsfC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...