ට්‍රම්ප්ගෙන් යුක්රේනයට ගුවන් ආරක්ෂණ පද්ධතියක්

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කිරීම මඟහරිම සම්බන්ධයෙන් වැඩෙන කලකිරීම මධ්‍යයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය ලබා දෙන බවට නිවේදනය කර තිබේ.

ඊයේ(13)දිනයේදී මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගැන තමා ඉතා කලකිරීමට පත්ව සිටින බවත්, ඔහු පැවසූ දේ අදහස් කළ කෙනෙකු යැයි තමා සිතු බවත්, ඔහු ඉතා ලස්සනට කතා කර පසුව රාත්‍රියේ මිනිසුන්ට බෝම්බ දමන බවත්ය.

මේ අනුව කියෙව් වෙත ආයුධ සැපයීමේ ඔහුගේ සැලසුම් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන සාකච්ඡා සඳහා ට්‍රම්ප් මෙම සතියේ නේටෝ මහලේකම් මාර්ක් රූට් හමුවීමට නියමිත වන අතර යුරෝපයේ නේටෝ රටවල් යුක්රේනයට ආයුධ සැපයීමට තීරණය කර ඇති බව තහවුරු කිරීමෙන් පසුව ඔහුගේ අදහස් පළ විය.

ජජධිපති ට්‍රම්ප් දිය දෙවන ධුර කාලය වෙනුවෙන් 2025 ජනවාරි මාසයේදී ධවල මන්දිරයට ආපසු පැමිණීමෙන් පසු, යුක්රේනය සඳහා වන සහයෝගය අඩු කිරීමට පියවර ගත් අතර, වොෂින්ටනයේ ආධාර එක්සත් ජනපද බදු ගෙවන්නාට කාණුවක් ලෙස ප්‍රකාශ කරමින් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සාමයට බාධාවක් බවට චෝදනා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...

රු. මි. 100ක ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : රුපියල් මිලියන 100ක...

රුසියානු , චීන හමුදා ගුවන් යානා මුර සංචාරයෙන් පසු ජපානය හා දකුණු කොරියාව ගුවන් අභ්‍යාස අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...