ශ්‍රී ලංකා 20 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමට තවත් පරාජයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 14, කොළඹ LNW:

බංගලාදේශයේ පැවත්වෙන දකුනු ආසියානු අවුරුදු 20 න් පහළ කාන්තා පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිය දෙවන පරාජයට මුහුණ දුන්නේ භූතානයට එරෙහිවයි.ප්‍රථම තරගය 9-1 ලෙස බංගලාදේශය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව භූතානයට එරෙහි තරගයෙන් 5-0 ක පරාජයක් අත් කර ගත්තේය.


තරගයේ පළමු අර්ධය නිමාවන විට භූතානය 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේදී තවත් ගෝල 2 ක් සිය කණ්ඩායමට එක් කර ගැනීමට ඔවුන්ට හැකි විය.
මේ අතර නේපාලය සහ බංගලාදේශය අතර පැවති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී බංගලාද්ශය ගෝල 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊ ළඟ තරගයේදී හමුවන නේපාලය ද දරුණු ප්‍රතිවාදියෙක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...