ශ්‍රී ලංකා 20 න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායමට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 14, කොළඹ LNW:

බංගලාදේශයේ පැවත්වෙන දකුනු ආසියානු අවුරුදු 20 න් පහළ කාන්තා පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිය දෙවන පරාජයට මුහුණ දුන්නේ භූතානයට එරෙහිවයි.ප්‍රථම තරගය 9-1 ලෙස බංගලාදේශය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව භූතානයට එරෙහි තරගයෙන් 5-0 ක පරාජයක් අත් කර ගත්තේය.


තරගයේ පළමු අර්ධය නිමාවන විට භූතානය 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේදී තවත් ගෝල 2 ක් සිය කණ්ඩායමට එක් කර ගැනීමට ඔවුන්ට හැකි විය.
මේ අතර නේපාලය සහ බංගලාදේශය අතර පැවති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී බංගලාද්ශය ගෝල 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඊ ළඟ තරගයේදී හමුවන නේපාලය ද දරුණු ප්‍රතිවාදියෙක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...