ඉන්දුනීසියාව ඇමරිකානු භාණ්ඩ වෙනුවෙන් තීරුබදු 0% දක්වා අඩු කරන විට ට්‍රම්ප් 19%ක බදු පනවමින් නව වෙළඳ ගිවිසුමකට එළඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ නව වෙළඳ ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

ඊයේ(15)දිනයේදී ට්‍රම්ප් සමඟ කරන ලද දුරකථන සංවාදයකට අනුව මෙම තීරණය ගෙන තිබු අතර නව ගිවිසුමට අනුව ඉන්දුනීසියාව ඇමරිකානු භාණ්ඩ වෙනුවෙන් තීරුබදු සියල්ල ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන්, ට්‍රම්ප් ඉන්දුනීසියාවේ වෙනුවෙන් පනවා තිබු 32%ක තීරු බද්ද 19% දක්වා අඩුකර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ඉන්දුනීසියාව හා වොෂින්ටනය අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභයේ නව යුගයක් ආරම්භ කළ බවයි. 

ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ යුරෝපීය සංගමය, කැනඩාව, මෙක්සිකෝව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් සියල්ල වෙත අගෝස්තු 1 වන දා සිට තීරුබදු ක්‍රියාත්මක කරන රටවල් වෙත ලිපි යොමුකළ අතර ඒ අතර ඉන්දුනීසියාව ඇමරිකාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන් 25 දෙනාගෙන් එකක් ලෙස ශ්‍රේණිගත කර ඇති අතර ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයට අනුව, ඩොලර් බිලියන 38.3 ක් වටිනා ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳාමක් සමඟින් ඉන්දුනීසියාව 2024 දී එක්සත් ජනපදයේ ඉහළම වෙළඳ හවුල්කරුවන් අතර 24 වන ස්ථානයට පත්විය.

ඉන්දුනීසියාව වෙනුවෙන් ලබා දෙන ලද තීරුබදු සහනය සම්බන්ධයෙන් Truth Social හි සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන කර තිබුණේ, ඉන්දුනීසියාව එක්සත් ජනපද බලශක්ති අපනයනවලින් ඩොලර් බිලියන 15 ක්, එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ඩොලර් බිලියන 4.5 ක් සහ බෝයිං ජෙට් යානා 50 ක් මිලදී ගැනීමට එකඟ වී ඇති බවත්, ඔවුන් සියයට 19 ක් ගෙවීමට යන අතර අපි කිසිවක් ගෙවන්නේ නැත යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...