අපි ඡන්ද පොරොන්දු දුන්නේ වසර පහකටයි. ඒවා ඉටු කරන්න අපට ඇති තරම් කාලය තියෙනවා – ඇමති චතුරංග

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය මැතිවරණ පොරොන්දු ලබාදුන්නේ වසර පහක කාලයක් සඳහා බැවින් ඒ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය තම ආණ්ඩුවට ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් අපි තවදුරටත් සාකච්ඡා කරන මතයේ තමයි රජය සිටින්නේ. මේ කලාපයට සාපේක්ෂව අපිට අඩු බදු ප්‍රමාණයක් ලැබිලා තිබුණත් එය තවදුරටත් අඩුකරගැනීම සඳහා සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ සඳහා කණ්ඩායමක් පිටත්ව යාමටත් සූදානම්. ඒ පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා. අපි විශ්වාස කරනවා මේ මාසය ඇතුළත රජයක් විදියට උපරිම උත්සාහය ගනීවි මේ සාකච්ඡාවල උපරිම ප්‍රතිඵල ලබාගන්න. මොකද අපෙ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන වෙළඳාම සහ ආයෝජන පිළිබඳ මේ සාකච්ඡා තීව්‍ර වෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා”

ප්‍රශ්නය – වෙරිටේ රිසර්ච් ආයතනය අනුර මීටර් කියලා එකක් හදලා තියෙනවා. ඒකෙ කියලා තියෙන්නෙ ඔබතුමන්ලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු ඉටුකරලා නෑ කියලා …

“නෑ, ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ පිටු දෙසීය ගාණකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒ නිසා කෙනෙක්ට තෝරාගත්, ඔවුන්ට කැමති දේවල් පමණක් ලඝූ කරමින් ඕනෙම ඉන්ඩෙක්ස් එකක් හදන්න පුළුවන්. හැබැයි ජාතික ජන බලවේගය පොරොන්දු ජනතාවට ලබාදුන්නේ වසර පහක පොරොන්දු. ඉතින් ඒ වසර පහක පොරොන්දු ඉටුකරගැනීමට අපට තවත් ඇති තරම් කාලය තියෙනවා සහ ඒ සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය ඇප කැප වී සිටින බව තමයි අපට කියන්න පුළුවන්”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICCPR සම්මුතිය තියෙන්නේ දේශපාලන පළිගැනීම් සඳහා නොවෙයි – විපක්ෂ නායක

කොළඹ LNW: දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය...

රදවා තැබූ BYD විද්‍යුත් වාහන 506ක් රේගුවෙන් මුදා හැරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : BYD විද්‍යුත් වාහන...

ශ්‍රී ලංකාවේ ජනාධිපති ක්‍රමයෙහි ඇතිවිය යුතු ප්‍රතිසංස්කරණයන්!

සැප්තැම්බර් 03, කොළඹ (LNW): හිටපු ජනාධිපතිවරයෙකු මෑත කාලීනව අත්අඩංගුවට ගැනීම...

සංචාරක කාර්යසාධක බලකායක් ස්ථාපිත කරයි!

කොළඹ LNW: සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක්...