බංග්ලාදේශ පොලිසිය හා හසීනාගේ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ ගැටීමෙන් තිදෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන ලද බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් හා බංග්ලාදේශ ආරක්ෂක හමුදාව අතර ඊයේ(16)දිනයේ ඇතිවූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් තිදෙනෙකු මියගොස් තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පෙරලා දැමීමට නායකත්වය දුන් සිසුන්ගෙන් සමන්විත ජාතික පුරවැසි පක්ෂයේ (NCP) රැලියක් කඩාකප්පල් කිරීමට හසීනාගේ අවාමි ලීගයේ සාමාජිකයින් උත්සාහ කළ විට දකුණු ගෝපාල්ගන්ජ් නගරයේ මෙම ගැටුම ඇති වී ඇත.

මේ හේතුව නිසාවෙන් බලධාරීන් දිස්ත්‍රික්කයේ රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර මෙය නින්දිත ක්‍රියාවක් වන බවයි අන්තර්වාර රජය පාලනය කරන මොහොමඩ් යුනුසුෆ් ප්‍රකාශ කර තිබුණේ,

මේවන විට ඉන්දියාවට පලා ගිය හසීනාට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර රටේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට මාස හයක සිර දඬුවමක් නියම කරන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...