චෙම්මනි ඝාතනයන්ට එරෙහිව යුක්තිය ඉටුකරනු – කොළඹදී විරෝධතාවක් (PHOTO STORY)

කොළඹ LNW:චෙම්මනි සමූහ ඝාතනයන්ට එරෙහිව අද (17) කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්විය.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණය සංවිධානය කා තිබුණේ යුක්තිය උදෙසා ජනතා බලය සංවිධානය විසිනි.

චෙම්මනි සමූහ මිනී වලෙන් මේ වන විට අස්ථි කොටස් 65ක් හමුවී තිබේ.

මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙන් එම කැණීම් සිදුවිය.

හඳුනාගත් චෙම්මනි සමූහ මිනීවළ ස්ථානයේ අපරාධ ක්‍රියාකාරකම් සිදු වූ බවට ඇඟවීම් තිබෙන බවත්, එම සොයා ගන්නා ලද අස්ථි කොටස් ඔවුන්ගේ සංස්කෘතියට අනුව සිදු කරනු ලබන සම්ප්‍රදායික භූමදානවලින් ලබාගත් ඒවාට සමාන නොවන බවත් අධිකරණයට කරුණු දක්වමින් මහාචාර්යවරයා පවසා තිබුණි.

මේ වන විට කැණීම් අත්හිටුවා තිබෙන අතර යළි දෙවන අදියරේ කැණීම් ජූලි 21 ආරම්භ කිරීමට නියමිතයි.

අද දින පැවති උද්ඝෝෂණයේදී අවධාරණය කෙරුණේ චෙම්මනි සමූහ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතු බවයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...