හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනාට එරෙහි නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ LNW :

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 21 වනදා කැදවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර, මෙම නඩුවේ විභාගය ජූලි මස 31 වනදා කැඳවීමට නියමිතව තිබුණි.

එදිනට විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාට වෙනත් නඩු කටයුත්තක් පවතින බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ මෙම නඩුවේ විභාගය අවස්ථා තුනකදී කල් දැමුනු බවයි. ඒ අනුව සාක්ෂි විභාගය සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිට ඇත.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නඩු විභාගය අගෝස්තු 21 සිදු කිරීමට දින නියම කළ අතර, වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...