රජයේ රෝහලක නැති බෙහෙතක්, උපකරණයක්, පරීක්ෂණයක් පිටින් ගැනීමට රෝගීන්ට නියම කරන්න වෙන්නේ මෙහෙමයි

Date:

වෛද්‍යවරුන් රජයේ රෝහලක නැති බෙහෙතක්, උපකරණයක්, පරීක්ෂණයක් පිටින් කරගැනීමට රෝගීන්ට නියම කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කළා.

ඒ අනුව රෝහලේ ඇතුළත් වී සිටින හෝ සායනික රෝගියකුට දිය යුතු බෙහෙතක් පිටින් ගැනීමට අවශ්‍ය විට පහත ක්‍රමය අනුගමනය කළ යුතු යි.

උදාහරණයක් ලෙස යම් අවස්ථාවක Chlorpheniramine (පිරිටන්) රෝහලේ නැති වුවහොත් රෝගියා හෝ භාරකරු එම බෙහෙත පිටින් ගෙන ඒමට කැමති නම්, රෝහලෙන් පහත පෝරමය පුරවා, එම බෙහෙත රෝහලේ නැති බවට ඖෂධවේදියා හෝ වෙනත් අයකු විසින් තහවුරු කර අත්සන් කර, අනතුරුව විශේෂඥ වෛද්‍යවරයා ද එහි අත්සන් කර, එම බෙහෙත පිටින් ගැනීමට කැමති බව රෝගියාගේ භාරකරු අත්සන් කර, අනතුරුව රෝහලේ ප්‍රධානියා ද අත්සන් කිරීමෙන් අනතුරුව රෝගියා වෙනුවෙන් එම ඖෂධය පිටින් ගෙන ඒමට නිර්දේශ කළ හැකියි. එසේ නොමැතිව රෝගියාට එම බෙහෙත පිට ෆාමසියකින් ලබාගැනීමට බෙහෙත් තුණ්ඩුවක් ලබාදීමට රජයේ රෝහලක වෛද්‍යවරයෙක්ට හැකියාවක් නෑ.

රෝහලේ නොකරන යම් රුධිර පරීක්ෂණයක් පිටින් කරගැනීමට ලියා දීමටත් ආයතන ප්‍රධානියාගේ අවසරය අවශ්‍ය වෙනවා.

එම නිසා වෙනදා මෙන් රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට ඉස්පිරිතාලෙ නැති බෙහෙතක් හරි පිටින් ලියලා දෙන්න, ඉස්පිරිතාලෙ බලන්නෙ නැති ලේ එක පිටින් බලන්න ලියලා දෙන්න වගේ ආයාචනා කළාට, වෛද්‍යවරයාට ඉහත කී ක්‍රමවේදයෙන් බාහිර ව නිකන් ම තුණ්ඩු ලියා දීමට හැකියාවක් නෑ.

මෙය අදාළ වන්නේ රජයේ රෝහල තුළ දී පමණයි. එම වෛද්‍යවරයාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ දී රෝගියාට අවශ්‍ය කරන ඕනෑම බෙහෙතක් හෝ පරීක්ෂණයක් ලියා දීමට වෛද්‍යවරයාට නීතිමය බාධාවක් නෑ.

~ වෛද්‍ය රංගන කුරුවිට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...