සුදු වෑන් ආයෙ ඇවිත් ද?

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

සුදු වෑන් රථයක් මඟින් , හතුඩුවේදී පැහැරගත් 15 හැවිරිදි පිරිමි ළමයකු අතරමගදී බේරීමට සමත්ව ඇති බව වාර්තා වේ. එහිදී පැහැර ගත් අදාළ දරුවා රත්නපුරයේදී වාහනයෙන් පැන ඇති බව පැවසේ.

පුද්ගලයකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද දුරකථන ඇමතුමකට අනුව, වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටි මෙම දරුවා රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අවන්හලක් අසල සිටිනු දක්නට ලැබී ඇත.

පසුව මෙම තොරතුරු මත පදනම්ව, රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි රත්නපුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් එම දරුවා තම භාරයට ගෙන ඇත. පැහැරගැනීමට තැත් කළ කණ්ඩායම හඳුනාගැනීම සඳහා කහතුඩුව පොලිසිය සීසීටීවී දර්ශන විමර්ශනය කරමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...