තිළිණි පියුමාලි අධිකරණ නිලධාරියෙක්ට තර්ජනය කරලා. සිතාසිය භාරගෙනත් නැහැ.පොලීසියත් පැමිණිල්ල මඟහරින බවට චෝදනා! (VIDEO)

Date:

කොළඹ LNW:හෝමාගම අධිකරණයේ නඩුකරයක් සඳහා සිතාසි භාරදීමට ගිය නිලධාරියා වෙත තිලිණි පියුමාලි නමැත්තිය විසින් අධිකරණ භූමිය ඉදිරිපිටදීම බැන වැදී තර්ජනය කර එම සිතාසි භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ජූනි 16 වැනි දින මෙම සිදුවීම සිදුව ඇත.

සිතාසි භාරදීමට ගිය නිලධාරීයා තමන්ට මුහුණ දීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ රෙජිස්ටාර් මෙන්ම දිසා විනිසුරුවරයාවද දැනුවත් කර හෝමාගම පොලීසියට පැමිණිලි කර තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් තිලිණි පියුමාලි නැමැත්තියගෙන් කිසිදු ප්‍රකාශයක් සටහන් කර ගෙන පොලීසිය එම පැමිණිල්ල නිසි පරිදි මෙහෙයවා නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

අනතුරුව අදාළ නිලධාරියා විසින් පෞද්ගලිකව පසුගිය ජූනි 23 වැනි දින නීතිඥවරියක හරහා අධිකරණයට මෝසමක් මගින් කරුණු පවසා තිබුණි. ඒ අනුව අධිකරණය නියෝග කර තිබුණේ ජූලි 14 වැනිදා සිද්ධිය සම්බන්ධ අවසන් වාර්තාවක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටයි.

නමුත් හෝමාගම පොලීසිය විසින් තිළිණි පියුමාලි නැමැත්තියගෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කර නොගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අධිකරණය නියෝග කර තිබුණේ වහාම පොලීසියට ගොස් විත්තිකාරිනිය විසින් පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

නමුත් මෙතෙක් ඇය පොලීසියට ගොස් අදාළ ප්‍රකාශය සිදුකර නොමැති බවත් පොලීසියද මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර නොමැති බවත් සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය අවධාරණය කළේය.

අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීමට තරම් තිළිණි පියුමාලිට ඇති බලය කුමක්ද යන්න පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කිරීමට සිදුවන බවයි සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය තවදුරටත් කියාසිටියේ.

මේ වන විට රයේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ දැඩි විශ්වාසයක් ජනතාව තුළ පවතින මොහොතක හෝමාගම පොලීසියේ හැසිරීම රජය අපහසුතාවයට පත්කිරීමේ වුවමනාවෙන් සිදුකරන්නක්ද යන සැකයද පවතින බව උක්ත සංගමය ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිවත් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්. හැරෙන තැපෑලෙන් ඇමති බිමල්ගෙන් සැර ප්‍රතිචාරයක්!

කොළඹ LNW:විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට...

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක මතය දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර...

මෙරට සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කටුනායක...

ඕස්ට්‍රේලියාවේ “Ghost Shark” ප්‍රහාරක ඩ්‍රෝන යානා සිහිනය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව විසින්, අති...