ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක ණයක්

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළකර තිබෙනවා. ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය සහ විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මීට අදාල එකඟතාවය පළකර තිබේ.

මෙම හමුවේදී විදේශ අමාත්‍ය පීරිස් මහතා ඉල්ලා තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු සංවිධාන සහ රටවල්වලින් දිගුකාලීණ ණය පහසුකම් ලැබෙන තෙක් කෙටිකාලීන විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට උපකාර කරන ලෙසයි.

ඉදිරියේදී අන්තර්කාලීන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින අතර අයවැය හිගය අවම කර ගැනීමේ අභියෝගය පිළිබඳවද විදේශ අමාත්‍යවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතවරිය දැනුවත් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමගද සමීපව කටයුතු කරන බැවින් එම සංවිධානවල සහයෝගය ලබා ගැනීම සඳහා මැදිහත් වන බවටද චියෝ කන්ඩා මහත්මිය පොරොන්දු වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...