දකුණු ආසියාවේ දේශපාලනයට හිරවෙන ආසියාවේ ක්‍රීකට්

Date:

නිශ්මං රණසිංහ ජූලි 21, කොළඹ LNW:

දකුණු ආසියාවේ දේශපාලනය සහ ක්‍රීඩාව අතර ඇති සම්බන්ධය එතරම් යහපත් නැත.සමහර තැන්වලදි පොළවේ දේශපාලනය හාත්පස වෙනස් මුහුණුවරක් ක්‍රීඩාවේ දේශපාලනයේ සිඳුවීම් හරහා පිළිඹිඹු වීම සාමාන්‍ය තත්ත්වයකි.මේ තත්ත්වය මත ක්‍රීඩාවේ ස්වාධීනත්වයට සහ එහි ක්‍රියාත්මක හැඩයට අභියෝග කිරීමට රාජ්‍ය දේශපාලනයේ මැදිහත්වීම සිඳු කරන්නට යාම නිසා ඇතිවන අර්බූද ද සුළු නැත.බොහෝ විට රාජ්‍යය පාලනය කිරීමේ වරමක් ලැබුණු විට සහ එහි වගකීමක් පැවරුණු විට ඉබේම විෂය දැණුමද ලැබෙන බව සිතන දේශපාලකයන් මීට හේතුවය.එසේම අතීතය පිළිබඳ කිසිඳු හැදෑරීමක් නොකර උපදේශනය සඳහා පත් කර ගන්නා කේවට්ටයන් මත යැපෙන්නට යාම ද මෙවැනි අර්බුඳ ඇති වන්නට හේතුවක්ය.


මේ මොහොතේ මෙවැනි අර්බූදයකට ආසියානු කළාපයේ ක්‍රිකට් මුහුණ දෙමින් ඇත.ඒ බංගලාදේශය සහ ඉන්දියාව අතර ඇති වී තිබෙන දේශපාලන අර්බූදය නිසාය.එයින් සිත් තැවුලෙන් සිටින ඉන්දියාව බංගලාදේශයේ පැවත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් සම්මේලන රැස්වීමට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇත.ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ බව ඔවුන් බංගලාදේශ ක්‍රිකට් පරිපාලනයට වගේම ආසියානු සම්මේලනයේ සභාපති වන පකිස්තානු ක්‍රිකට් පරිපාලනයේ සභාපති මොහ්සින් නක්විට ද දන්වා ඇත.


එහෙත් දැනට පවතින තත්ත්වය අනුව මොහ්සින් නක්වි සිටින්නේ රැස්වීම බංගලාදේශයේදීම පැවත්වීමේ උවමනාව මතය.එය ඔවුන්ට ඉන්දියාව සමඟ ඇති දේශාපිලනික අර්බූදය නිසා මතුවිය හැකි උවමනාවක් විනා ආසියානු ක්‍රිකට් ගැන හෝ බංගලාදේශය ගැන ඇති ප්‍රේමයක්ම විය නොහැකිය.මන්ද, සයිඩ් මොහ්සින් රාසා නක්වි යනු පකිස්ථාන දේශපාලනඥයෙකු සහ මාධ්‍ය අධිපතියෙකු වන අතර ඔහු 2024 මාර්තු 11 සිට අභ්‍යන්තර කටයුතු සහ මත්ද්‍රව්‍ය පාලන අමාත්‍යවරයාද වන බැවිනි.


තත්තවය ආසියානු කුසලානය පැවත්වීම ද අවිනිශ්චිත විය හැකි තත්ත්වයට පැමිණ ඇත්තේ දැනට සැප්තැම්බරයට යෝජනා වී ඇති තරගවෙලියට මේ රැස්වීම සඳහා ආසියාව එකතු කර ගැනීම වැදගත් වන බැවින්ය.දැනට ඉන්දියාට පක්ෂපාතීව ශ්‍රී ලංකාව, ඕමානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ක්‍රිකට් පරිපාලන ද බංගලාදේශයට ඒමෙන් වැළකෙන්නට තීරණය කර ඇත.ඉන්දියාව සමඟ එම රටවල සහභාගීත්වය ප්‍රතික්ෂේප වුවහොත් ආසියානු ක්‍රිකට් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ක්‍රියාත්මකවීම නොහැකි තත්ත්වයක් උද්ගත වන්නට ද ඉඩ ඇත.


මොහ්සින් නක්වි බංගලාදේශයේම රැස්වීම පවත්වන්නට තීරණය කිරීම පිටුපස ඉන්දීය විරෝධය තිබිය හැකි බවට සහතික වන කතාවක් ලාහෝරය පදනම් කරගෙන වාර්තා වන අතර මොහ්සින් නක්වි මෑතකදී බලයට පත් වූ ICC සභාපති ජේ ෂා රැස්වීමේ සභාපතිත්වය දරණ පළමු රැස්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයා ද වන නක්වි, පාකිස්තානයේ සිටම සහභාගි වීමට තීරණය කිරීම ඊට උදාහරණයක්ය.එයින් මෙම සාධාරණ තැනකට ගෙන යාමට ඇති ඉඩ පකිස්තානු සභාපතිවරයා ද,මඟ හරිමින් තිබෙන බව පැහැදිළිය. මේ අයිසීසී හමුව මඟ හැරීමෙන් වෙන්නේ පකිස්තානය ආසියාවේදී හිතුවක්කාරකම් පෙන්නීමට ගොස් ලෝකයම ඉදිරියේ අප්‍රසාදයට හේතුවන්නට ඉඩක් සකසා ගැනීමය.
පතිස්තානු සභාපති සහ එරට රජයේ අමාත්‍යවරයෙකුද ලෙස නක්වී ගේ හැසිරීම ලෝකය එතරම් හිතකර එකක් ලෙස පිළිනොගනු ඇත.විශේෂයෙන්ම ඔහු දේශපාලනඥයෙකු වීම ද ඊට හේතුවක් වනු ඇත.මෙම ඡායාරූපයේ සිටින්නේ ඔහුය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...