ජුලියන්ගෙන් ලන්ඩනයේ දී වාර්තා පිරි ජයක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 21, කොළඹ LNW:

එංගලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලියේදී කාන්තා මීටර් 200 ඉසව්වේදී ශාන්ත ලුසියා දූපත් නියෝජනය කරමින් තරග වැදි 24 හැවිරිදි ජුලියන් ඇල්ෆ්‍රඩ් මේ වසරේ එම ඉසව්වේ හොඳම කාලය ද,ශාන්ත ලුසියා කාන්තා මීටර් 200 නව ජාතික වාර්තාව ද සමඟ ලන්ඩන් ඩයමන්ඩ් ලීග් ග්‍රොන්ප්‍රී තරගාවලියේ මීටර් 200 වාර්තාව ද හිමි කර ගන්නට සමත් වූවාය.
පැරිස් 2024 ඔල්ම්පික් උළෙලේ කාන්තා මීටර් 100 සූරිය ද,මීටර් 200 දෙවැන්නියද වූ ජුලියන් මේ ජයග්‍රහණය වැඩි අපහසුවකින් තරගකාරීත්වයකින් තොරව ලබා ගැනීම ගැන ක්‍රීඩා විචාරකයන්ගේ අවධානය යොමු විය.එය ඉදරියට ජුලියන් විසින් සමස්ත මලල ක්‍රීඩාව වෙත කරන ලද යම් අනතුරු ඇඟවීමක් ද විය.


එසේම ලන්ඩන් මලල ක්‍රීඩා උළෙලේදී පිරිමි කවපෙත්ත වීසි කිරීමේ ලෝක වාර්තාලාභී මයිකොලස් ඇලෙක්නාට 2022 ලෝක සූර ක්‍රිස්ටිජන් සී තියුණු තරගයක් ලබා දුන්න ද,නව තරග උළෙල ක්‍රීඩා වාර්තාවක්ද සමඟ (මීටර් 71.70) සමඟ ජයග්‍රහණය ඇලෙක්නාට හිමි විය.
ලෝක මීටර් 10,000 ශූරිය වන ගුඩාෆ් ට්සේගේ, මෙම වාරයේ ඇගේ පළමු දියමන්ති ලීග් ජයග්‍රහණය ලබා ගත්තේ ඉතිහාසයේ දෙවන වේගවත්ම කාලය සමඟ කාන්තා සැතපුම දිනා ගනිමින්ය.විනාඩි 4:11.88 ක දකෂතාවයක් සමඟ ඇය නව උළෙල වාර්තාවක් ද සමග ඉසව්ව ජය ගත්තාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...