21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මෙම සංශෝධනය රටේ මහජනතාව අපේක්ෂා කරන දෙයක් වන හෙයින් ඊට සිය පක්ෂයේ සහය ලබා දෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව ඉතා ඉක්මණින් එය සම්මත කරගත යුතුව ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.
ASK