යාපා ජනපති කර අගමැතිකම අපට දෙන්න. මාසෙකට ඩො.බි. එකහමාර ගාණේ ගේනවා – ටිල්වින් (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් ගලාගෙන එන්නට පටන් ගන්නා බවත් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා පමණක් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක – දෙකක පමණ මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට තම පක්ෂයට හැකි බවත් එම පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ලොව පුරා තම පක්ෂයෙහි ශාඛා කමිටු පිහිටුවා ඇති හෙයින් එම කමිටු හරහා මෙසේ අතිවිශාල මුදලක් මාසිකව මෙරටට ගෙන්වා දිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් තම පක්ෂය ආණ්ඩුව භාරගන්නේ වත්මන් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත්ව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වුවහොත් පමණක් බවත් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

වත්මන් විදෙස් විනිමය අර්බුදය ආරම්භ වීමට පෙර 2020 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ලැබී තිබුණු ඉහළම ප්‍රේෂණ ආදායම වූයේත් ඇමරිකානු ඩොලර් මිලියන 813කි. ඒ අනුව ටිල්වින් සිල්වා මහතා පවසන ආකාරයට ජවිපෙ ආණ්ඩුවක් පැමිණි සැණින් මෙම අගය අසාමාන්‍ය ලෙස දෙගුණයකටත් වඩා ඉහළ ප්‍රමාණයකින් වැඩිවිය යුතුය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...