*
Sunday, January 19, 2025
spot_img

Latest Posts

ඉන්දියාව මේ හැමදේම කරන්නෙ කච්චතිව් දූපත වෙනුවෙන්ද ?

විටින් විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අර්බුදවලට හේතු වූ උතුරු අර්ධද්වීපයේ කච්චතිව් දූපත පිළිබඳව යළිත් කතාබහට ලක්ව තිබෙනවා. කච්චතිව් දූපත නැවත පවරාගත යුතු බවට ඉන්දියාව පුරා මේ වනවිට දැඩි මතයක් නිර්මාණය වී තිබේ.

පසුගියදා චෙන්නායිහිදී පැවති උත්සවයකදී තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ඉදිරියේ තබාගෙනම, කච්චතිව් දූපත ඉන්දියාවට යළි පවරාගත යුතු බවත්, ඒ හරහා තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවර ප්‍රජාවගේ ගැටලු රැසක් විසඳිය හැකි බවත් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් ඉන්දීය අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ නොකිරීමට වගබලා ගත්තේය.

කෙසේ වෙතත් උත්සවය අවසන්වීමෙන් පසුව භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායකයා ප්‍රකාශ කළේ කච්චතිව් නැවත පවරා ගැනීමට තමිල්නාඩු මහ ඇමතිවරයා සිදු කරන යෝජනාව සද්භාවයෙන් සිදු කරන්නක් ලෙස සැළකිය නොහැකි බවයි. එක් පැත්තකින් ශ්‍රී ලංකාවට උදව් උපකාර කරමින්, අනෙක් පැත්තෙන් කච්චතිව් පවරාගත යුතු බවට යෝජනා කිරීම හාස්‍යජනක බවත්, දූපත පවරා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලනඥයන් සෘජු ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බවත් ප්‍රාන්ත BJP නායකයා පවසනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු කලාපයේ හරිමැද කච්චතිව් දූපත පිහිටා ඇති අතර එම දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සතු මුහුදු සීමාව එම දූපතෙනුත් ඔබ්බට දිව යයි. ඒ අනුව අදාල සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමට ඉන්දියානුවන්ට හැකියාවක් නොමැත.

තමිල්නාඩු දේශපාලනඥයන් විටින් විට මෙම ගැටලුව ඉදිරියට ගන්නේ ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීම සඳහායි. තවත් පැත්තකින් දූපත පවරා ගතහොත් ශ්‍රී ලංකාව ආසන්නයට නීත්‍යනුකූලවම පැමිණ මත්ස්‍ය සම්පත් නෙළා ගැනීමේ අවස්ථාව තමිල්නාඩු ධීවරයන්ට හිමි වේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන අතර කච්චතිව් දූපතේ අයිතිය හිමි වුවහොත් නීත්‍යනුකූලවම ධීවර කටයුතුවල නිරත විය හැකිය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු උතුරේ දේශපාලනඥයන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර තිබෙනවා. ඔවුන් පවසන්නේ කච්චතිව් දූපත ඉන්දියාවට හිමි වුවහොත් එය උතුරේ ධීවරයන්ට දැඩි ආසාධාරණයක් වන බවයි. කච්චතිව් දූපත හේතුවෙන් හෝ උතුරේ ධීවරයන්ගෙන් ඉන්දියාවේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිදු නොවන බවත් ඔවුන් පවසනවා.

අනෙක් පැත්තෙන් කච්චතිව් යනු උතුරේ ජනතාවගේ සංස්කෘතික පුදබිමක් බවයි.

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම දමිළ ජනතාවට ආධාර උපකාර කිරීමට තමිල්නාඩු දේශපාලනඥයන් සහ ජනතාව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් යම් හෙයකින් එසේ ආධාර ලබාදෙන්නේ කච්චතිව් දූපත අත්පත් කර ගැනීමේ යටි අරමුණකින් නම් ඒ පිළිබඳව කණගාටු වන බවත් උතුරේ දේශපාලනඥයන් අවධාරණය කරනවා.

දැඩි අර්බුද ගණනාවකට මුහුණ දී සිටින මෙරට පාලකයන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්ව තිබෙන්නේ ඉන්දියාවයි. ගත වූ මාස කිහිපය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 02 ඉක්මවන ණය මුදලක් ඉන්දියාව විසින් ලබා දී ඇති අතර තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් අපේක්ෂාවෙන් සිටිනවා.

ඉන්දියාව දිගින් දිගටම මෙසේ ණය ලබාදීමට කටයුතු කරන්නේ මෙරට ජනතාව සතු සම්පත් කොල්ලකා ගැනීමේ අරමුණින් බවට පාර්ශ්ව ගණනාවක් චෝදනා කරමින් සිටින අතර විවිධ ව්‍යාපෘති සඳහා මේ වනවිටත් යාපනය අර්ධත්ද්වීපයේ පිහිටි දූපත් කිහිපයක් ඉන්දියාව වෙත ලබා දී ඇති බවටද චෝදනා එල්ල වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan