චෙම්මනි සමූහ මිනී වලෙන් මිනිස් සිරුරු 85ක අස්ථි කොටස් හඳුනා ගනී! (PHOTOS)

Date:

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් සොයාගත් ස්ථානයේ සිව්වන අදියරේ කැණීම් පසුගිය (21) වැනි දින ආරම්භ කළ අතර ආරම්භයේ සිට මේ දක්වා (24) දිනය විට එම ස්ථානයෙන් මිනිස් සිරුරු 85ක අස්ථි කොටස් හඳුනාගෙන තිබේ.

ඉන් 67ක් අධිකරණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගොඩගෙන ඇත.

සිව්වන අදියරේ කැණීම් කටයුතු දින 15 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව සිව්වන අදියරේ කැණිම් අගෝස්තු 4 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත එම කැණීම් කටයුතු සිදුවන අතර හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කොට වර්ගීකරණය කිරීමේ කටයුතු යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි. ඒවා යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කර ආරක්ෂා කිරීමට කටයුතු කර සලස්වා තිබේ.

කැණීම් කටයුතු සිදුවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත් දැනට එම ස්ථානයෙන් හමුවූ අස්ථි කොටස් පිළිබඳ තවමත් කාල නිර්ණය කර නොමැත. එම විශ්ලේෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙලෙස මිහිදන්ව ඇත්තේ මරණයකින් පසු හින්දු බැතිමතුන්ගේ ආගමානුකූලචාරිත්‍රයන්ට අනුව නොවන හෙයින් මෙයට යුක්තිය ඉටුවිය යුතු බව අතුරුදහන් වූවන්ගේ එකමුතුව අවධාරණය කරයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...