වැල්ලවායෙන් මතු වූ අපූරු සොරෙක්..

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

වෙළෙඳසැල් කිහිපයකට පැමිණි සොරෙක් එහි තිබූ කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැල් වල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන අයුරු වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල මංසන්ධිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පුද්ගලයා එකම දිනක් තුළ වෙළෙඳසැල් දෙකක භාණ්ඩ සොරාගෙන ඇති අතර එක් වෙළෙඳසැලක සොරකම් කර ඒ අසල තවත් වෙළෙඳසැලකට ගොස් එම වෙළෙඳසැළෙන් ද භාණ්ඩ සොරාගෙන ඇති බව වාර්තා වන අතර, පසුව එම වෙළෙඳසැලේ සේවකයින් මේ පිළිබඳව දැක මෙම පුද්ගලයාගේ බෑගය පරික්ෂා කර එහි තිබූ කිරිපිටි පිටතට ගෙන තිබෙන බව පැවසේ.

අනතුරුව, වෙළෙඳසැල් සේවකයින් සොරාට පහරදී එලවා දමා ඇති අතර භාණ්ඩ අලෙවි කරන පුද්ගලායෙකු මෙන් මෙම පුද්ගලයා වෙළෙඳසැල් තුලට ඇතුළු වී මෙම සොරකම් සිදු කර බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...