වැල්ලවායෙන් මතු වූ අපූරු සොරෙක්..

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

වෙළෙඳසැල් කිහිපයකට පැමිණි සොරෙක් එහි තිබූ කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැල් වල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙන අයුරු වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල මංසන්ධිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම පුද්ගලයා එකම දිනක් තුළ වෙළෙඳසැල් දෙකක භාණ්ඩ සොරාගෙන ඇති අතර එක් වෙළෙඳසැලක සොරකම් කර ඒ අසල තවත් වෙළෙඳසැලකට ගොස් එම වෙළෙඳසැළෙන් ද භාණ්ඩ සොරාගෙන ඇති බව වාර්තා වන අතර, පසුව එම වෙළෙඳසැලේ සේවකයින් මේ පිළිබඳව දැක මෙම පුද්ගලයාගේ බෑගය පරික්ෂා කර එහි තිබූ කිරිපිටි පිටතට ගෙන තිබෙන බව පැවසේ.

අනතුරුව, වෙළෙඳසැල් සේවකයින් සොරාට පහරදී එලවා දමා ඇති අතර භාණ්ඩ අලෙවි කරන පුද්ගලායෙකු මෙන් මෙම පුද්ගලයා වෙළෙඳසැල් තුලට ඇතුළු වී මෙම සොරකම් සිදු කර බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...

වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...

2025 වසරේ ලෝකයේ ලස්සනම ගුවන් තොටුපල පර්යන්තයන්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු...

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...