කලබල වෙන්න දෙයක් නෑ. අපි කියපු විදිහටම ඒක කරනවා!

Date:

කොළඹ LNW:විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබාගත යුතු නැති අතර ආණ්ඩුවේ පළමු ධූර කාලය තුළ එය සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (25) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ආණ්ඩුව කර තිබෙන ප්‍රතිපත්තිමය ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කර තිබෙන පැහැදිලි කිරීම අනුව එම කටයුත්ත සිදුවන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.

”ගරු කථානායකතුමනි,අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියල තියෙන විදිහට අපි ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනුවෙන් අපි සැලසුම් කරගෙන යනවා. මෙතන රහස්‍යභාවයක් නෑ. විශේෂයෙන් අපි කියල තියෙනවා ජනතාවාදී,ජනතාවගෙන් අදහස් ගන්න,විශේෂඥවරුන්ගෙන් අදහස් ගන්න මේ ගරු පාර්ලිමේන්තුවටත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නෑ. අපි තාම අවුරුද්දක්වත් නෑ. තව අපිට අවුරුදු හතරක් තියෙනවා. කලබලවෙන්න කිසිදෙයක් නෑ. ඔබතුමා දන්නවා අපි මොනවගේ රටක්ද භාරගත්තේ කියල. ඒ නිසා පළමුවෙනි අවුරුද්ද තුළ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිහිපයකට අපි ප්‍රමුඛතාවය දුන්නා. මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කොහොමද මේක කරන්නේ කියන එකත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා මම දුන්න පිළිතුර තුළ අපේ ධූර කාලය තුළ මේක අපි සිද්ධ කරනවා.” යනුවෙන් ඇය තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...